Ansicht auf ein leeres Büro mit zwei gegenüberstehenden Schreibtischen © Goethe-Institut

සගයෝ

මුල් දින කීපය සේවා සගයන් හා කුළුපග වීමටත් වැඩ බිමට හුරු වීමටත් ගත වේ. සගයනට “ඩු” යන ජර්මන් වදන යොදා ගනිමින් මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔබට හැකි වේ. ඔබේ උසස් නිලධාරීන් හෝ ඔබේ ප්‍රධානියා ඇමතීමේදී ( SIE ) “ සී” යන්න යොදා ගනී. කෙසේ වෙතත් මෙම තත්වය සමාගමෙන් සමාගමට වෙනස් වේ.

සේවක ආරක්ෂාව

ජර්මනියේ සේවකයින් ආරක්ෂා කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති මගින් තහවුරු කෙරෙයි. සේවකයන් ගේ සෞඛ්‍ය හා අනතුරු වලින් ආරක්ෂාව සඳහා රජය මගින් පනවා ඇති රෙගුලාසි පිළිපැදීමට සමාගම් බැඳී සිටී. උදාහරණ වශයෙන් එක් එක් රැකියාව සඳහා නිර්දේශිත ඇඳුම් නියම කර ඇති අතර වැඩ අතරතුර කෙටි විවේක, වැඩ පැය ගණන ආදිය ව්‍යවස්ථාපිත නීති රීති මගින් නියාමනය කෙරේ. විශාල සමාගම් තුළ සේවක නියෝජිත සංවිධාන හා කම්කරු සංගම් ඇත. ඔබට ගැටළුවක් ඇති විට එකී සේවක සංගම් ඔස්සේ ස්වාමි පක්ෂය වෙත සන්නිවේදනය කළ හැක.

Eine Kellnerin hat ein Tablett mit Gläsern in der Hand, im Hintergrund sind sitzende Personen zu sehen. © Goethe-Institut
වැඩ පැය ගණන සහ නිවාඩු

ඔබේ වෘත්තීය අනුව රාජකාරි පැය වෙනස් වේ. උදාහරණ වශයෙන් රෝහලක හෙද නිලධාරීන් කෘත්‍යගත ලේඛනයට ( ROSTER ) අනුව එනම් වැඩමුර ක්‍රමයට රාජකාරී කරනු ලබයි. එක්කෝ උදය නැතහොත් රාත්‍රී වශයෙනි. කාර්යාලයක නම් රාජකාරි වේලාව නිශ්චිතය. උදේ ඇරඹී පැය 8-9 ක කාලයකට පසුව අවසන් වේ. කාර්යාල තුළ බොහෝ විට සුනම්‍ය රාජකාරි පැය ක්‍රමය පවතී. එනම් උදෙන් ම පැමිණ වඩාත් වේලාසන ගෙදර යාමේ ක්‍රමයයි. සාමාන්‍යයෙන් රාජකාරිය සතියකට පැය 30 – 40 ක් පමණ වේ. වැඩ අතර තුර විවේක කාලයක් ද ඇත.

සෑම සේවකයෙකුට ම වසරකට නියමිත නිවාඩු ප්‍රමාණයක් තිබේ. ඔබ වාර්ෂික නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර ඔබේ ප්‍රධානියා විසින් එය අනුමත කළ යුතු ය. ඔබේ අභිමතය පරිදි වාර්ෂික නිවාඩු ලබාගත හැකිය. ඇතැම් විටක සමාගමේ රාජකාරී බහුල කාල වලදී ඔබේ නිවාඩු අනුමත නොකිරීමට ඉඩ ඇත. තවත් විටක සමාගමේ සියල්ලන් නිවාඩු දිනක දී ඔබට ද අනිවාර්යෙන් නිවාඩු ගැනීමට සිදුවේ. උදාහරණ වශයෙන් නත්තල් නිවාඩුව ගත හැකිය. ඔබ වාර්ෂික නිවාඩු ලබා තිබියදී ද ඔබට වැටුප් ගෙවනු ලබයි.

ඔබ අසනීප මත වැඩට නොපැමිණෙන්නේ නම් ඔබේ සේවා යෝජකයාට ඒ බව කඩිනමින් දන්වා වෛද්‍යවරයා වෙත යා යුතුය. වෛද්‍යවරයා වෛද්‍ය සහතිකයක් නිකුත් කරයි. එය ඉක්මනින් සමාගමට භාර දිය යුතුය. ඔබ දින 3 කට වඩා දිගු නිවාඩුවක් නොගන්නේ නම් වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවේ.

නිල ඇඳුම්

ඇතැම් රාජකාරි වලදී ඔබ ඊට නිසි ඇඳුම ඇඳ සිටිය යුතුයි. උදාහරණ වශයෙන් ඉදිකිරීම් වැඩ බිමකදී නම් අනතුරු වලින් වැලකීමට අදාළ ආරක්‍ෂිත ඇඳුම් ඇඳ සිටීම අවශ්‍ය වේ. ගුවන් තොටේ රාජකාරි කරන්නේ නම් නිල ඇඳුම ඇඳ සිටිය යුතුය. නැතහොත් සමාගමේ ලාංචනය මුද්‍රිත T ෂර්ට් ඇඳ සිටිය යුතුය. එමගින් පාරිභෝගිකයෙකුට ඔබ සමාගමේ සේවකයෙකු බව අඳුනා ගත හැකිය.

Mehrere Köche arbeiten in einer Restaurantküche. Sie tragen Kopftücher und Kochjacken. © Goethe-Institut

කලින් දැනුම් දීම

ඔබ තවදුරටත් සමාගමේ සේවය කිරීමට කැමැත්තක් නොමැති නම් සහ රැකියාවෙන් ඉවත් වීමට අදහස් කරන්නේ නම් ඒ බව ලිඛිතව සමාගමට දැන්විය යුතු ය. සාමාන්‍යයෙන් මෙම දැනුම් දීම ඉවත්ව යාමට අදහස් කරන දිනට මාස 3 කට පෙර විය යුතු ය.

අඛණ්ඩ අධ්‍යාපනය සහ පුහුණුව

ඔබ දැනටමත් ආධුනිකත්ව පුහුණුවක් හෝ අධ්‍යයනයක් සම්පූර්ණ කර දැනටමත් යම් කාලයක් සේවය කර ඇත්නම්, ඔබට ඔබේ අධ්‍යාපනය දිගටම කරගෙන යා හැකිය. ඔබ ඔබේ දැනුම හා කුසලතා ගැඹුරු කරයි, පුළුල් කරයි හෝ යාවත්කාලීන කරයි. විශේෂයෙන් වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන පුළුල් පරාසයක් ලබා දෙයි.

Eine Frau sitzt an einem Tisch in ihrer Wohnung und telefoniert. Auf dem Tisch liegen Papiere und ein Laptop. © Goethe-Institut



#MeinJob – Einblick in den Arbeitsalltag

එදිනෙදා වැඩ පිළිබඳ අවබෝධය බොහෝ අය ජර්මනියට පැමිණ මෙහි වැඩ කරති. ඔබේ වෘත්තීන් මොනවාද? ඔබේ වැඩ කරන ජීවිතය මොන වගේද? #MeinJob මාලාව මෙම පුද්ගලයින්ගෙන් සමහරක් සහ ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු හඳුන්වා දෙයි.

Samed Qoshia

 

Amine El Aryf

ජීවත්වීමට හා වැඩ කිරීමට ජර්මනියට පැමිණි වෙනත් රසවත් පුද්ගලයින් දැන හඳුනා ගන්න: Goethe-Institut - Deutschland #NoFilter

 

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා