Ansicht auf eine sommerliche Party auf einer Wiese mit vielen Menschen, Essensständen und Dekoration © Goethe-Institut

සංස්කෘතිය

ඔබ සංස්කෘතියට කැමතිද? ජර්මනියේ බොහෝ නගරවල කෞතුගාර, සිනාමහල් සහ විවිධ ප්‍රසංග පැවැත්වේ. ජාත්‍යන්තර චිත්‍රපට වල මුල් පිටපත් දැන් වැඩි වැඩියෙන් ජර්මන් සිනමාහල් තුළ ප්‍රදර්ශනය වේ. පොත් කියවීමට, සංගීතයට සවන්දීමට හෝ චිත්‍රපට නැරඹීමට ඔබට නොමිලේ නැතහොත් ඉතා සුළු මුදලකට හැකිය. පුස්තකාල බැහැර දෙන අංශයෙන් කියවා ආපසු භාර දීමට ඔබට පොත්පත් හෝ සංයුක්ත තැටි (CD) ලබා ගත හැක.

Ansicht auf die Vorderseite der Münchner Staatsoper © Goethe-Institut

වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන 

බොහෝ තැන්වල වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන  තිබේ. විශේෂයෙන්ම වැඩිහිටියන් සඳහාම වෙන් වුණු ඒවා වේ. උදාහරණ වශයෙන් නැටුම් සහ භාෂා අධ්‍යනය වෙනුවෙන් වේ. www.vas.de වෙබ් අඩවිය ඔස්සේ ඔබට සමීපතම වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන ය සොයා ගත හැකිවේ.



දරුවන් සහ වැඩිහිටියන්ට පොදුවේ සහභාගී විය හැකි නිදහස් ක්‍රියාකාරකම් බොහෝය. උදාහරණ වශයෙන් ඇතැම් නගර වල ලා බාල දරුවන් සඳහා Play Groups “සිඟිති සෙල්ලම් කව” ක්‍රියාත්මකය. ඔබ ක්‍රීඩා ලෝලීද? වැඩිහිටි අධ්‍යාපන මධ්‍යස්ථාන  මගින්ද ක්‍රීඩා පාඨමාලා පවත්වයි. ඔබට මහජන පිහිනුම් තටාක වෙත ගොස් ක්‍රීඩා සමාජයකට බැඳීමටද පුළුවන. තවත් විකල්පයක් නම් “සමාජ” හා “සංගම්” ය. එකම ඉලක්ක හා අරමුණු වලින් බැඳුණු ජනයා සංගම් මගින් එකට ඈඳී සිටිති. උදාහරණ වශයෙන් සංගීත සංගම්, ඉවුම් පිහුම් සංගම්, ක්‍රීඩා සංගම් සහ පරිගනක සංගම් පිහිටුවා ගෙන ඇත . තරුණ යට සහ වැඩිහිටියන්ට මෙලෙස වෙන් වෙන් සමාජ තිබේ.

Ansicht auf einen Barausschank,links steht ein lachender Barkeeper. Viele Aufkleber und die Farbgestaltung weisen auf den FC Bayern hin. © Goethe-Institut

උද්‍යාන සහ සොබා දහම

ඔබ එළිමහන ප්‍රිය කරන්නෙක්ද? සෑම නගරයකම උද්‍යාන තිබේ. ළමයින්ට ක්‍රීඩා පිටි තිබේ. ඒවාට මුදල් අය නොකරයි. උද්භිත උද්‍යාන වල අමුතු ගස් දකන්ට ලැබේ. ලෝකයේ රටවල සිටින සතුන් ඔබට සත්වෝද්‍යාන වලදී දැකීමට හැක. සාමාන්‍යයෙන් උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යානයන්ට ඇතුළත් වීමේ ගාස්තුවක් අය කරයි. බොහෝ ප්‍රාන්ත වල විල් වනාන්තර සහ කඳු පන්ති දක්නට ලැබේ. ඔබ ජීවත් වන්නේ මුහුදුබඩ පෙදෙසක නම් එවැනි දේ ඔබේ සිත පිනවනු ඇත.

නිවසේදී

බොහෝ දෙනා නිවසේදී රූපවාහිනිය නැරඹීමට හෝ ගුවන් විදුලියට සවන් දෙති. ජර්මනියේ සෑම නිවසකම රූපවාහිනියක් සහ ගුවන්විදුලියක් සඳහා මාසික ගාස්තුවක් ගෙවයි. මෙය ලියන මොහොතේදී එම ගාස්තුව මසකට යූරෝ 17.98ක් වේ. ඔබ දිළිඳු නම් මේ ගාස්තුව ඔබට නොගෙවා සිටීමට පුළුවන.

ඔබේ නිවසට සඳළුතලයක් තිබේ නම් ඔබට එහි සිට කළ හැකි දේ සීමා කර ඇත. උදාහරණ වශයෙන් ඔබට එහි සිට බාබකියු පිසීමකළ නොහැක. එවැනි තොරතුරු සඳහා ඔබ “නිවාස රීති” කියවා බැලිය යුතුය.

Ansicht auf einen See mit Bergpanorama im Hintergrund. Aus der Vogelperspektive sieht man im Vordergrund Wanderer. © Goethe-Institut

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා