
වෙනත් රටකින් මිලදී ගත් සිම්පත් මගින් ඇමතුම් ලබා ගැනීම ජර්මනියේදී බොහෝ ප්‍රශ්න වලට තුඩු දේ. බොහෝ සිම්පත් ජර්මනියේදී අක්‍රීය වන අතර එවැනි පිටස්තර සිම්පත් මගින් ලබා ගන්නා ඇමතුම් සඳහා ඉහළ මිලක් වැයවේ.
ජර්මනියේදී ජංගම දුරකථන ඇමතුම් ලබා ගන්නා ආකාර රැසක් ඇත. ඒ සඳහා සේවා සපයන්නන්ගේ ලැයිස්තුවක් පහළින් දක්වා ඇත.
Handytarife.de: Mobilfunkanbieter Übersicht
ජංගම දුරකථන සබඳතා
එක් ප්‍රායෝගික විකල්පයක් වන්නේ ජංගම දුරකථන සබඳතාවයි. කෙසේ වෙතත් මේ සඳහා ඔබට ජර්මනියේබැංකු ගිණුමක් සහ හැඳුනුම්පතක් තිබීම අවශ්‍ය වේ. පාරිභෝගිකයන් හට බිල්පත් ගෙවීමේ හැකියාවක් ඇත්දැයි මෙමගින් සේවා සපයන්නා සෑහීමට පත් වේ. ඔබ ඔවුන් සමඟ ගිවිසුමකට අත්සන් කිරීමට පෙර එකී ලියවිල්ල හොඳින් කියවා අවබෝධ කර ගන්න ලෙස ඔබට මෙයින් අවවාද කරනු ලැබේ. ඊට විකල්පය නම් සේවා ගිවිසුමේ පරිවර්තනය දන්නා අයෙකු ලවා ඔබ කියවා අවබෝධ කර ගත යුතුය. සාමාන්‍යයෙන් එබඳු ගිවිසුමක් වලංගු වන්නේ වසරක හෝ දෙවසරක කාලයක් පමණි. එකී කාලය ඉක්මවා යාමට පෙර ගිවිසුම අවලංගු කරවා ගත හැකිය. ගිවිසුම් කාලය තුළදී මාසිකව බිල්පත් ගෙවීමට පුළුවන. මතක තබා ගත යුතු කරුණ නම් ඔබ දුරකථන සේවා සපයුම්කරණය මාරු කරන්නේ නම් ඊට පෙර පවත්නා ගිවිසුම අවලංගු කරවා ගත යුතු බවය. ඒවා පවත්නා ගිවිසුම අවසන් වීමට මාස 3 කට වත් පෙර පවත්නා ගිවිසුම අවලංගු කරවා ගත යුතු වේ. එසේ නොකළ හොත් පවත්නා ගිවිසුම ස්වයංක්‍රීයව අළුත් ගිවිසුමක් බවට පත් වන බව ඔබ දැන ගත යුතුය.
පෙර ගෙවුම් සිම්පත්
තවත් විකල්පයක් වන්නේ ඔබ පෙර ගෙවුම් සිම්පතක් මිලදී ගැනීමයි. මේවා සුළු මුදලකට සුපර්මාකට්, පිරවුම්හල් හෝ පෙට්ටිකඩ (Kiosks) වල පවා විකිණීමට ඇත. ඒවාට ගිවිසුමක් ඇති නමුත් ඔබේ ලිපිනය සැපයීම පමණක් ප්‍රමාණවත් වේ.
ඔබ කෙලින්ම සේවා සැපයුම්කරුගේ සාප්පුවෙන් පෙර ගෙවුම් සිම්පතක් මිලදී ගන්නේ නම් එම සාප්පුවේදීම ඔබට සිම්පත සක්‍රීය කර ගැනීමට පුළුවන. ඊට ඔවුන්ගේ උපකාරය ඔබට ලැබේ. ඔබ සිම්පත සුපිරි වෙළඳ සැලකදී මිලදී ගන්නේ නම දුරකත සමාගම විසින් එය සක්‍රීය කරවන තෙක් ඔබට බලා සිටීමට සිදුවේ .
සිම්පත සක්‍රීය කරවා ගැනීමෙන් පසු ඔබ විටින් විට ඔබේ ගාස්තුව රී ලෝඩ් කළ යුතුය. ඇමතුම්, SMS හා අන්තර්ජාල භාවිත් කිරීම සඳහා ගෙවූ මුදලින් ගාස්තු අඩු කර ගනී. සෑම කුඩා වෙළඳ සැලකම පාහේ මෙකී රී ලෝඩ් කාඩ් පත් විකිණීමට ඇත. එහි ඇති දිගු අංකය දුරකතනයටඇතුළත් කිරීමෙන් ඔබේ ගාස්තු තැන්පතුව සක්‍රීය වේ. ඔබට ජර්මනියේ සිට පිට රටකට ඇමතුමක් ලබා ගන්නා විට ඒ සඳහා සත 15 ක අමතර ගාස්තුවක්ද ඔබෙන් අය වේ.
Finanztip: Billig ins Ausland telefonieren
සමහර විට ඔබට මීට අමතරව ඇතැම් ගාස්තු ද මිලදී ගත හැකි අතර එමඟින් ඔබට විදේශයන්හි මිනිත්තු කිහිපයක් නොමිලේ ඇමතිය හැකිය.
ජංගම දුරකථන දත්ත
ඔබට පෙරගෙවුම් සිම් පතක් තිබේ නම් ඔබට ස්මාර්ට් ජංගම දුරකතනයක් සමඟ අන්තර්ජාලයේ සැරිසැරීමටද හැකිය. එබැවින් ඇතැම් දත්ත සැලසුම් මිලට ගැනීම ලාභදායී වේ. එවිට ඔබට, උදාහරණයක් ලෙස, යම් ප්‍රමාණයකට ජංගම අන්තර්ජාල දින ගණනක් භාවිතා කළ හැකිය, නැතහොත් ඔබ යම් දත්ත ප්‍රමාණයක් මිලට ගනී.
රැහැන් රහිත අන්තර්ජාල ප්‍රවේශය
ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට අවශ්‍ය නම්, ඔබට වයිෆයි ජාල භාවිතා කළ හැකිය. නොමිලේ WiFi බොහෝ විට කැෆේ, පුස්තකාල හෝ වෙනත් පොදු ගොඩනැගිලිවල තිබේ. ඔබේ ප්‍රදේශයේ නොමිලේ WIFi ජාල සෙවීමට ඔබට අවශ්‍යද? එවිට "Hotsplots" වෙබ් අඩවිය ඔබට ළඟම ඇති පොදු අන්තර්ජාල සම්බන්ධතාවයක් සොයා ගැනීමට උපකාරී වනු ඇත
Öffentliche WLAN-Netze in Deutschland
Video International Sign

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.
zum Kontaktformular