Ein Fahrrad mit zwei Körben ist gefüllt mit Einkäufen. © Goethe-Institut

සියළු දේ සඳහා සාප්පු

ජර්මනියේ සෑම නගරයකම මෙන් බොහෝ ගම් වලද සුපර් මාකට් තිබේ. ඔබගේ මූලික අවශ්‍යතා සියළු දේ එහි තිබේ. පාන්, මස්, යෝගට්, සහ චොකළට් මෙන්ම ගේ දොර පවිත්‍රකාරක හා වැසිකිළි කඩදාසි උදාහරණ වේ. සාමාන්‍යයෙන් සුපිරි වෙළඳසැල් උදේ 7 සිට රාත්‍රී 8 තෙක් විවෘතය. අළුත්ම අළුත් පළතුරු හා එළවළු ඔබට අවශ්‍යද? ඒ සඳහා සතියකට වරක් හෝ දෙවරක් පැවැත්වෙන විශේෂ වෙළඳසැල් තිබේ. ඒවා සාමාන්‍යයෙන් සෙනසුරාදට පැවැත්වේ. මස් වෙළඳසැලෙන් ඔබට අළුත් හෝ ශීත කළ මස් වර්ග මිලට ගත හැකිය. අළුත්ම පාන් ලබා ගැනීමට බේකරි තිබේ. සාමාන්‍යයෙන් බේකරි, මස් කඩ සහ කුඩා වෙළඳසැල් දිවා ආහාර පැයේදී වැසේ. ඒවා සාමාන්‍යයෙන් උදේ 6 සිට සවස 6.30 තෙක් පමණක් විවෘතය සති පොළවල් සාමාන්‍යයෙන් හිමිදිරියේ සිට දවල් 1-2 තෙක් විවෘතය. සියළුම වෙළඳසැල් ඉරිදාට වැසේ.

Auf einem Tisch liegen in einem Beutel verschiedene Gemüsesorten, Obst und andere Einkäufe © Goethe-Institut

බඩු නිවසට ගෙනැවිත් භාර දීම

බඩු ගැනීමට ඔබට සාප්පු නොගොස් නිවසටම ගෙන්වා ගැනීමට සේවාවක් පවතී. දුරකථනය මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකිය. එවිට ඔබට අමතර වියදමක් දැරීමට සිදු වේ. උදාහරණ ලෙස ඔබට පීසා හෝ වතුර බෝතල් මෙලෙස නිරතුරුව ගෙන්වා ගන්නා අයිතම වේ. සාමාන්‍යයෙන් ගම් පළාත් වල සුපර්මාකට් නොමැති නමුත් සංචාරක වෙළෙන්දෝ ඒවායේ නිරතුරව සැරිසරති. ඔවුන් මෙකී අවශ්‍යතා සියල්ල විකුණති.

විශේෂ සාප්පු සහ අන්තර්ජාලය

ඔබට අල්මාරියක්, පරිඝනකයක් හෝ සපත්තු ජෝඩුවක් ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔබට ඒ සඳහා විශේෂ සාප්පුවකට හෝ සාප්පු සංකීර්ණයකට අදාළ අංශයට ගොස් එය ගත හැකිය. ඒවා ඇත්තේ නගරවල පමණි. ඇතැම් භාණ්ඩ සඳහා වෙන්වූ සාප්පු ඇත. උදාහරණ වශයෙන් සපත්තු, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ලී බඩු ගත හැකිය. විවෘත වේලාව වන්නේ උදේ 8 සිට රාත්‍රී 9 තෙක්ය. ඇතැම් සාප්පු පස්වරු 6.30 ට වැසේ.

In einem Möbelhaus sieht man ein eingerichtetes Wohnzimmer mit verschiedenen Möbeln zum Verkauf. © Goethe-Institut

 ගෙවීම්

ජර්මනියේ විවිධාකාර ගෙවීම් ක්‍රම පවතී. ඕනෑම තැනකට මුදලින් ගෙවීමට හැකි අතර ඔබට බැංකු ගිණුමක් තිබේ නම් ඔබේ ඉලෙක්ට්‍රොනික ගෙවීම් පතින් එය කළ හැකිය. උදාහරණ ලෙස VISA කාඩ් පත හෝ ඩෙබිට් කාඩ්පත ගත හැකිය. අන්තර්ජාලයෙන් මිලදී ගන්නා විට ඔබට ක්‍රෙඩිට් කාඩ් පතින් හෝ නැතහොත් ගිණුම් සැපයීමෙන් සෘජුව ගෙවීමට පුළුවන.

Eine Person zieht eine Kreditkarte aus einem Geldbeutel. © Goethe-Institut

මිල, වගකීම් සහතිකය සහ භාණ්ඩ ආපසු දීම

ජර්මනියේ බොහෝ සාප්පු වල භාණ්ඩ සඳහා ස්ථිර මිලක් තිබේ. ඉහළ මිල භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට කේවල් කිරීමට හැකිය. එහෙත් ජර්මනියේ කේවල් කිරීම පිළිගත් ධර්මතාවයක් නොවේ.

ඔබ මිලදී ගත් භාණ්ඩ දෝෂ සහිත නම් වසර 2ක් තුළදී ජර්මනියේ ව්‍යවස්ථාපිත නීතියට අනුව ඔබට ඒ සඳහා සහන ලබා ගත හැකි වේ. එක්කෝ ඔබට නව භාණ්ඩ ලැබීම හෝ ගෙවූ මිල ආපසු ලබා ගත හැකිය. නැතහොත් ඔබට අඩු මිලක් ගෙවා ගණුදෙනුව නිම කළ හැකිය. ඇතැම් භාණ්ඩ වගකීමේ සහතිකයක් මගින් ආවරණය කෙරේ. උදාහරණ වශයෙන් ඔබ මිලදී ගත් රූපවාහිනියක් වගකීම් කාලය තුළදී අක්‍රීය වුවහොත් එක්කෝ නොමිලේ අළුත්වැඩියා කිරීම හෝ නැතහොත් අළුත් යන්ත්‍රයක් ලැබීම සහතික කෙරේ. ඇතැම් සාප්පු වල භාණ්ඩ හුවමාරුව කරයි. ඔබ භාණ්ඩයට අකමැති නම් ආපසු භාර දී මුදල් ආපසු ලබා ගත හැකිය. අන්තර්ජාලයෙන් හෝ ඇතැම් විශාල සාපු වලින් මිලදී ගත් භාණ්ඩ දින 14ක් තුළ ආපසු භාරදී මුදල් ආපසු ලබා ගත හැක. ඒ සඳහා ඉන්වොයිසිය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. විශේෂිත අඩු මිල ගණන් යටතේ මිලදී ගත් භාණ්ඩ මෙලෙස හුවමාරු කළ නොහැකිය.

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා