Ein Bräutigam steckt seiner Braut den Ehering an den Finger. © Goethe-Institut

ලියකියවිලි

බොහෝ රටවල මිනිසුන් විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී විවාහ වෙති. එය රජය පිළිගත් විවාහයයි. ජර්මනියේදී විවාහ වන්නේද ඒ ආකාරයටමය. ඔබට පල්ලියේදී විවාහ වීමට පුළුවන. නමුත් ඊට පෙර විවාහ කාර්යාලයේදී ඔබගේ විවාහය ලියාපදිංචි කළ යුතුය.

Es sind zwei Bräute zu sehen, die die gleichgeschlechtliche Ehe eingehen. © Goethe-Institut ඔබ ජර්මනියේදී විවාහ වීමට කැමතිද? එසේ නම් ඔබ පදිංචි ප්‍රදේශයේ පිහිටි විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ගොස් විවාහය ලියාපදිංචි කරවා ගත යුතුය. ඒ සඳහා ඔබට යම් යම් ලියවිලි අවශ්‍ය වේ. ඔබගේ ලියාපදිංචි කාඩ් පත, ඔබගේ හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ ඔබගේ උප්පැන්න සහතිකය ඊට අවශ්‍ය වේ. විවාහ වන විට ඔබට හෝ ඔබගේ කළත්‍රයාට හෝ ඔබ දෙදෙනාට දරුවන් සිටී නම් ඔවුන්ගේ ලිපි ලේඛන ද ඔබ ඉදිරිපත් කළ යුතුය. නමුත් මෙකී ලියවිලි සියල්ල ජර්මන් බසට පරිවර්තන කරවා තිබිය යුතු අතර පරිවර්තනය නිවැරදි බවට සහතික කර තිබිය යුතුය. ඔබ විවාහ වූ පසු විවාහ කාර්යාලය විසින් ඔබට විවාහ සහතිකයක් නිකුත් කරනු ලැබේ. ඔබට අවශ්‍ය නම් මෙහිදී ඔබ පවුලේ තොරතුරු ඇතුළත් පවුල් රෙජිස්ටරයක් ලබා ගත හැක.

විවාහ උත්සව

බොහෝ දෙනා තම විවාහ උත්සවය මහ ඉහළින් පවත්වති. මනාලිය සාමාන්‍යයෙන් සුදු ඇඳුමක් අඳි. බොහෝ මංගල යුවළ විවාහයේදී මංගල මුදු හුවමාරු කර ගනිති.
“අන්තර්ජාතික විවාහය” පිළිබඳ වැඩිදුර තොරතුරු ෆෙඩරල් විදේශ කටයුතු කාර්යාලීය වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පසුව කළත්‍රයා ඇතුළත් කර ගැනීම,  නැතිනම් ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ විසීමට ජර්මනියට පැමිණීම පිළිබඳව තොරතුරු BAMF වෙබ් අඩවියේ අඩංගු වේ.



Ein weiß geschmückter Saal mit Hochzeitsdeko ist zu sehen. © Goethe-Institut

වෙන්වීම සහ දික්කසාදය

විවිධ හේතු නිසා යුවළයන්ට වෙන්වීමට හෝ දික්කසාද වීමට තෝරා ගත හැකිය. ළමයින්ට බලපෑමක් ඇති වූ විට සහ ළමා සහාය අවශ්‍ය වූ විට උපදේශනය විශේෂයෙන් උපකාරී වේ. උපදේශන මධ්‍යස්ථාන සමහර විට නීතිමය ප්‍රශ්න සඳහාද උදව් විය හැකිය.
පවුල> විවාහ මංගල්‍යය: නිතර අසනු ලබන ප්‍රශ්න 

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා