In einem Zimmer steht ein rotes Kinderfahrrad, Kinder-Gummistiefel und Schuhe eines Erwachsenen. © Goethe-Institut

ගර්භනී භාවය

දරුවන්ගේ ලෝකය ඇරඹෙනුයේ ගර්භනී භාවයෙනි. ගර්භනී සමයට අදාළ ගැටළුවක් ඔබට ඇතොත්      “පූර්ව ප්‍රසව උපදේශන සේවාව” වෙත යොමු විය හැක.

 ගර්භනී සමය පුරාම ඔබ නිතිපතා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වෙත යා යුතු ය. ඔහු මවගේ මෙන් ම ගැබෙහි වූ බිලිඳා ගේ ද සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන අතර ප්‍රසූතියේ දී හා ප්‍රශ්චාත් ප්‍රසව අවධිය ගැනද සැලකිලිමත් වෙයි.

Auf einem Tisch liegt ein Ultraschallbild eines Ungeborenen. © Goethe-Institut

වැඩකරන මව් වරුන්ගේ නෛතික ආරක්ෂාව, මා-පිය නිවාඩු සහ මා-පිය දීමනා

ඔබට ස්ථිර රැකියාවක් තිබේ නම් ඔබට (මුට-ශුට්) Mutterschutz (වැඩකරන මව් වරුන් සඳහා නෛතික ආරක්ෂාව) හි පිහිට ලබාගත හැකිය. ප්‍රසූතියට පෙර සිට පවා ඔබට වැටුප් සහිත ප්‍රසූති නිවාඩු හිමි ය. ඇතැම් වෘත්තීන්හි දරු ප්‍රසූතියට පෙර සති 6 ක නිවාඩු හිමි ය. Mutterschutz (මුට-ශුට්) යටතේ ඇයට හිමිවන මුළු නිවාඩු ප්‍රමාණය සති 14 කි. එකී නිවාඩු ප්‍රමාණය තවත් දීර්ඝ කරවා ගත හැකි අතර මෙම කාලය තුළ දී සේවායෝජකයාට කවර හේතුවක් නිසාවත් සේවා ගිවිසුම තනි අභිමතයට අනුව අහෝසි කළ නොහැක. මුට-ශුට් නිවාඩුවෙන් පසුව ඔබට මාපිය නිවාඩු ලබාගත හැකි ය. ළමයාගේ වයස අවුරුදු 3 වන තෙක් වැටුප් සහිත මා-පිය නිවාඩු භුක්ති විඳීමට ඔබට හැකි ය.

මාපිය නිවාඩු ලබා සිටින පළමු දොළොස් මාසය තුළ ඔබ මා-පිය දීමනාවකට ද හිමිකම ලබයි. ඔබේ කළත්‍රයාද මා-පිය නිවාඩු මත සිටී නම් ඉහත කී මා-පිය දීමනාව දා හතර මාසය තෙක් දිගු වෙයි. වෙනත් වචන වලින් කිව හොත් ඔබ ඒ සා දීර්ඝ කාලයක් වැඩ කරන්නේ නැත. ඔබට ලැබෙන මා-පිය දීමනාව ඔබ රැකියාවෙන් ලබන ශුද්ධ ආදායමට සමානුපාතික වේ. මා-පිය දීමනාව ඔබ විසින් ඉල්ලුම් කළ යුතු යඔබට රැකියාවක් නොමැති නම් පවා ඉහත කී දීමනා වලට ඔබ සුදුසුකම් ලබන අතර ළමා සුභ සාධන දීමනාවට පවා ඔබට ඉල්ලුම් කළ හැකි ය. ළමා සුභ සාධන දීමනාව සඳහා ළමයා සිය 18 වන උපන් දිනය දා දක්වා හිමිකම් ලබයි.  

සෞඛ්‍යය සත්කාර

ඔබේ දරුවා නිතිපතා ළමා රෝග විශේෂ to වෛද්‍යවරයා වෙත යා යුතුය. වෛද්‍යවරයා එක් එක් පරීක්ෂණයට විශේෂ විදේශ ගමන් බලපත්‍රයකින් ඇතුළත් වේ. ඒවා පිරික්සුම් ය. ඔබේ දරුවා අසනීප නොවූවත්, ඔබ එය කළ යුතුය. ළමා රෝග විශේෂ ian යා ඔබේ දරුවාට එන්නත ලබා දෙනු ඇත.

ළමා සුභසාධනය

    ළමා සුභසාධනය උදෙසා රජය විසින් නිර්දේශ කර ඇති දීර්ඝ නිවාඩුවට පටහැනිව ඔබට සේවයට වාර්තා කිරීමට අවශ්‍ය නම් ඔබ අලුත උපන් බිලිඳු දරුවාගේ සුභ සාධනය සඳහා වැඩ පිළිවෙලක් සකස් කළ යුතු ය. දරුවාගේ වයස අවුරුදු 3 ට වඩා අඩු නම් දරුවා cre’ch ක්‍රිච් වෙත භාර දීම හෝ පෞද්ගලික දිවා සුරැකුම් ආයතනයක සහාය ලබා ගැනීම ඔබට කළ හැකි ය. වයස 3 ඉක්මවූ දරුවන් බාලාංශ පාසැලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන යකට භාර දිය හැක. වයස අවුරුදු 6 – 7 ඉක්මවූ දරුවන් අනිවාර්ය පාසැල් අධ්‍යාපනයට යොමු කළ යුතු අතර නිතිපතා පාසලට යාම අනිවාර්ය වේ. ඔබ රැකියාවක නියුක්ත නම් දරුවා පසු පාසැල් සුරක්ෂණ ආයතනයකට හෝ දිවා කාල පාසලට දරුවා භාර දිය හැක. සවස 4-5 වනතෙක් දරුවන් ඒවායේ රඳවා තැබිය හැකි අතර එහිදී ඔවුනට දිවා ආහාර සැපයේ.

Ein Kind sitzt mit Badeanzug und Schwimmflügeln zusammen mit dem Vater an einem See. © Goethe-Institut

විවේක ක්‍රියාකාරකම්

ඔබේ විවේකයේදී දරුවා සමඟ කරන්නට බොහෝ දේ ඇත. කුඩා දරුවනට එළිමහන්  ක්‍රීඩාංගන තිබේ. වැඩුණු දරුවන්ට ක්‍රීඩා සමාජයකට බැඳී ක්‍රීඩා කළ හැක. ග්‍රීස්ම සමයේ දී එළිමහන් පිහිනුම් තටාකයන්හිද, ශීත සමයේ දී ගෘහස්ත පිහිනුම් තටාකයන් හි ඔවුනට පිහිනිය හැක. පාසැල් නිවාඩු සමයේ දී එතරම් මිලාධික නොවන විශේෂ ළමා වැඩ සටහන් නගර පාලනය විසින් ඉදිරිපත් කරයි. තවත් බොහෝ එවැනි තොරතුරු නගරයේ තරුණ සුභ සාධක කාර්යාලයෙන් ( JUGENDAMT = ජුගෙන්ඩම්ට් ) ඔබට ලබාගත හැකි ය. ජර්මන් දරුවෝ නිවෙස් වලදී තම උපන් දිනය ඉහළින් සමරති. ඔවුන් තම මිතුරු මිතුරියනට ද මෙම සාදයනට  ඇරයුම් කරති. එවැනි ආරාධනයක් ලදොත් ඔබේ දරුවා ඊට සහභාගී කරවීම වාසි දායක ය. මක්නිසාද යත් අලුත් මිතුරු කැලක ඇසුර ඔවුනට හිමිවන බැවිනි. ඇතැම් විටක ඔවුන් සමඟ රාත්‍රිය ගත කිරීමට පවා ඔවුනට ආරාධනය ලැබේ.

Ein Kinderspringseil liegt auf dem Boden. © Goethe-Institut

පවුල තුළ ආරවුල්, අර්බුද සහ ප්‍රචණ්ඩත්වය

විවිධ අදහස්, ඊර්ෂ්‍යාව හෝ අනපේක්ෂිත ජීවන තත්වයන් නිසා පවුල තුළ ආරවුල් සහ අර්බුද ඇති විය හැකිය. යුවළක් උපදේශන මධ්‍යස්ථාන එකට විසඳුමක් සෙවීමට උපකාරී වේ. පවුල් සහන පිළිබඳව සොයා බැලීමට අවස්ථා ද තිබේ.   තම පවුල තුළ නින්දාවට, බලහත්කාරයට, තර්ජනයට ලක්වූ හෝ ශාරීරික හෝ ලිංගික හිංසනය අත්විඳින ඕනෑම කෙනෙකුට උපකාර අවශ්‍ය වේ. තොරතුරු සහ හදිසි අංකයක් ෆෙඩරල් පවුල් කාර්යාලයේ වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. කාන්තාවන් සඳහා විශේෂ උපකාරක දීමනා ද ඇත. 

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා