Auf einem Bild, das von einem Kind gemalt wurde, sind Wörter in verschiedenen Sprachen zu sehen. © Goethe-Institut

ලෝකයේ බොහෝ රටවල ජනී ජනයා වාර්ෂිකව විශාල වශයෙන් ජර්මනිය වෙත සංක්‍රමණය වෙති. ජර්මනියේ සමස්ත ජනගහනයෙන් 25% කටත් වඩා මෙලෙස ජර්මනියට ඇදී එන ජනයාගෙන් සමන්විත වේ. සංක්‍රමණික ජනයා විවිධ භාෂා කතා කරන බැවින් ජර්මනිය බහුභාශිකත්වයෙන් අනූන රටක් බවට පත්ව ඇත. මෙලෙස ජර්මනියට සංක්‍රමික ජනයා තම මව් බසට අමතරව යටත් පිරිසෙයින් තවත් කවර වූ හෝ භාෂාවක් කතා කරන බැවින් ජර්මනිය ඉතා පුළුල් භාෂා විවිධත්වයකින් හෙබි රටක් වේ. ජර්මනියට සංක්‍රමණය වන්නෙකුට සිය ජීවිතය සාර්ථක කරගන්නට නම් ජර්මන් භාෂාව දැන සිටීම අවශ්‍ය වේ. මක්නිසාද යත් ජර්මනියේ ස්වදේශික ජනයා සමඟ මුහුම් වීමටත් ජර්මන් ජන ජීවිතය සමඟ අනුගත වීමටත් එය මහඟු පාලමක් වන බැවිනි.

බහුභාශිකත්වයේ වාසි

බොහෝ භාෂා දැන සිටීම අද ලෝකයේ උසස් හැකියාවකි. ලෝකයේ රටවල් අතර දේශ සීමා දැන් දැන් වඩාත් විවෘත වෙමින් පවතින අතර ජනයා එක් රටකින් තවත් රටකට පර්යටනය වීම නිරන්තර සිදුවීමකි. මේ නිසා සංක්‍රමණිකයෙකු තම මව් බසට අමතරව තවකිරීමටත් බසක් දැන සිටීම නිසා වාසි රැසකට හිමිකම් ලබයි.  

ජර්මන් බසෙහි වැදගත්කම

ජර්මනියේ වෙසෙනා වැඩිහිටියන්ට ජර්මන් බස දැන සිටීම වැදගත් වන්නේ එමගින් තමා අවට සිටින ජනයා සමඟ කතා කිරීමට හැකිවන නිසාය. ජර්මනියේ ස්වදේශික භාෂාව දැන සිටීමද එකී ජනයා සමඟ සමීප සබඳතාවනට අත්වැලකි. එලෙසින්ම දරුවකුට ජර්මන් භාෂාව වැදගත් වනුයේ ඔවුන් ජර්මන් පාසලකට ඇතුළත්ව ඉගන ගන්නා විටය.

zwei Puppen mit unterschiedlicher Hautfarbe sitzen sich in einem Puppenbett gegenüber. © Goethe-Institut

ආදානය හා ප්‍රතිදානය

අපට ඇසෙන දෙයින් හා අප කියවන දෙයින් අපි තොරතුරු ප්‍රතිග්‍රහණය කරන්නෙමු. එය ආදානය නම් වේ. එදිනෙදා ජීවිතයේදී අප බොහෝ තොරතුරු ආදානය කරන අතර ඇසෙන දෙයත් කියවන දෙයත් ඉතා උසස් ලෙස ආදානය කළ හැක්කේ හොඳ භාෂා දැනුමක් අපට ඇතොත් පමණි. තෝරා ගත් කෘතීන් දරුවන්ට ඇසෙන සේ හඬ නගා කියවීම දරුවන්ට ගුණාත්මක ආදානයකට හොඳ ක්‍රමයකි.
ප්‍රතිදානය යනු යමෙකු විසින් උත්පාදනය කරනු ලබන සන්නිවේදන සංඥාවන්ය. එනම් කෙනෙකු කතා කරන දෙය හා ලියන දෙයයි. භාෂාව හොඳින් උච්චාරණය කිරීම හා ව්‍යාකරණානුකූල හා තාර්කික ලිවීම ද මගින් ගුණාත්මක ප්‍රතිදානයක් කළ හැක. නිවැරදිව ලිවීම සහ කතා කිරීම මෙම කෞෂල්‍යය වැඩි දියුණු කරයි.

නිවසේදී බහුභාශිකත්වය

ඔබ නිවසේදී දරුවන් සමඟ ජර්මන් බසට වඩා ඔබගේ මව් බස කතා කරන්නේ නම් ඔවුන්ගේ භාෂා ප්‍රවීණතාවය දියුණු කිරීම සඳහා ඔබට කළ හැකි දේ බොහෝය.

බොහෝ පවුල් වල ඔබ සහ පියා එකම භාෂාවක් කතා කරති. බහුතරයක් සංක්‍රමණික පවුල් වල එම භාෂාව ජර්මන් භාෂාව නොවේ. එහෙයින් දරුවෝ පවුලේ භාෂාව උගනිති. නිවසේදී එය කතා කිරීම වැදගත් වන්නේ දරුවන්ට තම මව් රටේ සම්ප්‍රදායන් හා සංස්කෘතිය පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කර ගැනීමට හැකිවන නිසාය. කෙසේ වෙතත් දරුවන් තම රටේ භාෂාව තුළ ස්ථාපිත වීම වැදගත් වන්නේ වෙනත් භාෂාවන් සාර්ථකව ඉගෙනීමට එය ඉවහල් වන බැවිනි.

Vor einer Weltkarte hängt ein Wandkalender auf Burmesisch mit deutschen Notizen. © Goethe-Institut

එක් තැනැත්තෙකු - එක් භාෂාවක්

ඇතැම් පවුල් වල මව එක් භාෂාවක්ද පියා තවත් භාෂාවක්ද කතා කරති. මේ නිසා දරුවාට භාෂා දෙකක ප්‍රවීනත්වයක් ලැබේ. තවත් විටක මව, පියා, සහ දරුවා වඩාත් චතුර ලෙස කතා කරන්නේ එකී භාෂා දෙක නොව තුන්වන භාෂාවක් විය හැකිය.

දරුවන් බහුභාශිත්වයේ හදා ගැනීම - වඩාත් වැදගත් කුමක්ද?

දරුවන් බහුභාෂිත්වයේ ගොඩනගා ගැනීමට නම් එකී භාෂාවන් චිත්තාවේගනාත්මක බැඳීමකින් දරුවන් සමඟ පරිශීලනය කළ යුතුය. හොඳම විකල්පය නම් දෙමව්පියන් නිවසේදී මව් බසින් කතා කිරීමයි. දරුවන් කිසියම් බසක් කතා කිරීමට මැලිවන්නේ නම් ඔබ ඊට එදිරිව බලපෑමක් නොකළ යුතුය. මක්නිසාද යත් භාෂා ඉගෙනීම අතරමැදි අවස්ථාවක් වන බැවිනි.
 

බහුභාශා අධ්‍යාපනය සඳහා උපකාර සහ ගුරුකම්

වෙනත් භාෂා අධ්‍යාපනය ගැන උපකාර හා උපදෙස් දෙන බොහෝ උපදේශන මධ්‍යස්ථාන  තිබේ. මෙම කාර්යය සඳහා මනා පුහුණුවක් හා පරිචයක් ලත් කාර්ය මණ්ඩල විසින් ඒ සඳහාම කැපවූ සංස්කෘතික වැඩසටහන් හා ප්‍රයෝජනවත් තොරතුරු සපයනු ලැබේ. සංස්කෘතික විවිධත්වය සහ විවිධ භාෂා අධ්‍යාපන මධ්‍යස්ථාන  පිළිබඳ තොරතුරු ඒවා මගින් නිරතුරුව සැපයේ. රාජ්‍ය නොවන සංවිධාන ගනණාවක් විසින් ඒ සඳහා ම කැපවූ උපදේශන මධ්‍යස්ථාන  පවත්වාගෙන යනු ලැබේ. “Intercultural Advice Centre” හෝ “Multilingual Advice Centre” යටතේ අන්තරජාලය ඔස්සේ මේ පිළිබඳ බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගත හැකිය.
පූර්ව පාසල් හා ප්‍රාථමික අංශයේ දරුවන්ගේ ජර්මන් භාෂා අධ්‍යාපනය සංවර්ධනය සඳහාම ඇප කැප වූ ප්‍රතිපත්ති, වැඩසටහන් හා උපාය උපක්‍රම ජර්මන් ජනරජයේ බොහෝ ප්‍රාන්ත වල ක්‍රියාත්මක වේ. ජර්මන් බස පිළිබඳ දුර්වල දරුවන් සඳහා ක්‍රියාත්මක වන භාෂා ප්‍රවර්ධන වැඩසටහන් එනම් සුදානම් කිරීමේ අභ්‍යාස හා උපකාරක පංති මේවා අතර වේ.

මව්බස දැනුම දියුණු කිරීම

දරුවන්ගේ මව්බස වැඩිදියුණු කිරීම දෙමව්පියන්ට නිවසේදී කළ හැකි වන අතර ඊට අමතරව ඒ එක් එක් භාෂාව ඉගැන්වීමට යම් යම් උපකාරක ආයතන තිබේ. තම දරුවන්ගේ මව් භාෂා දැනුම දියුණු කිරීම සඳහා දෙමව්පියන් විසින් ඔවුන් ඉදිරියේ නිරන්තරව පොත පත කියවීම, මව් රටේ කවි හා ගීත ගායනය හා ජන ක්‍රීඩා කිරීම කළ යුතුය. දරුවන්ට ද තම ඥාති හිතවතුන් සමඟ දුරකතන හෝ ස්කයිප් මාර්ගයෙන් සංවාදයේ යෙදීම ඊට උපකාරී වේ.

ජර්මනියේ වෙසෙන තම ඥාති හිතවතුන්ගේ දරුවන් සමඟ කතා බහ කිරීමට සහ කෙළි සෙල්ලම් කිරීමට ඉඩ ලබාදීම දරුවන්ගේ මව් භාෂාව දියුණු කිරීමට කදිම උපායකි. පාසල් වියේ දරුවන්ගේ මව් භාෂාව ප්‍රවර්ධනය සඳහා බොහෝ තානාපති කාර්යාල සහ ඇතැම් සංවිධාන මගින් නිරතුරුව වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. මෙම වැඩසටහන් වලදී දරුවෝ තම මව්බස ලිවීම කියවීම පමණක් නොව මව් රටේ සිරිත් විරිත් හා ඇදහිලි හා සම්ප්‍රදායන් ඉගන ගනිති. ඇතැම් ජර්මන් ප්‍රාන්ත වල ප්‍රධාන පාසල් වල සංක්‍රමණික පවුල් වල දරුවන්ට ඔවුන්ගේ මව් භාෂා අධ්‍යනය සඳහා සැකසුණු අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙය “පරිපූරක මව්බස උපදෙස්” ලෙස නම් කෙරේ. එක් එක් රට වලින් ජර්මනියට සංක්‍රමණය වූ වැසියන්ගේ දරුවන්ගේ මව්බස දැනුම ප්‍රවර්ධනය සඳහා කැපවුණ ක්‍රීඩා සමාජ, සංස්කෘතික අයිතම හා ළදරු ක්‍රීඩා සමූහ (Play Groups) සපයන ආයතන පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ බොහෝ තොරතුරු පළකොට තිබේ. සැබෑ ජීවිත අත්දැකීම් ඔස්සේ මව්බස හැදෑරීමට ඉඩකඩ සලසා දීම ඔවුන්ගේ අරමුණයි.
 

Video International Sign

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා