In einem offenen Geldbeutel sind Münzen, Geldscheine und Kreditkarten zu sehen. Der Geldbeutel liegt auf einer Zeitung. © Goethe-Institut

ගිණුම

ඔබ ජර්මනියේ වාසය කරමින් වැඩ කරන්නේ නම් ඔබට බැංකු ගිණුමක් තිබිය යුතුය. ඔබට මහා වීදියේ බැංකුවක හෝ ඉතිරි කිරීමේ බැංකුවක ගිණුමක් විවෘත කළ හැකිය. බොහෝ බැංකු වල හා ඉතිරි කිරීම් බැංකුවල ශාඛා විසිරී පවතී. ඇතැම් බැංකු අන්තරජාලය ඔස්සේ පමණක් ක්‍රියාත්මක වේ. බොහෝ විට ගිණුම් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට බැංකුවක් ගාස්තුවක් ගෙවීමට සිදුවේ. විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්ට මෙම ගාස්තුව අදාළ නැත. විවිධාකාර ගිණුම් පවතී. බැර ගිණුමක් ඔබට හැකිවන්නේ ඔබේ ගිණුමේ තැන්පත් කර ඇති මුදල් ආපසු ගැනීම පමණි. අයිරා පහසුකම් සහිත ගිණුමකින් ඔබට ගිණුමේ මුදල් නැතත් බැංකුවෙන් මුදල් ගත හැකිය. එවිට කිසියම් ප්‍රමාණයක් දක්වා බැංකුව ඔබට ණය ලබා දෙයි. එවිට ඔබ එම ණය මුදලක් පමණක් නොව ඊට ඉහළ පොළියක්ද ගෙවිය යුතුය.

ගිණුමක් ඇරඹීම

ඔබට ගිණුමක් ඇරඹීමට අවශ්‍යද? ඕනෑම බැංකු ශාඛාවකදී ඔබට එය කළ හැකිය. එහෙත් බැංකුව විසින් ඔබේ අනන්‍යතාව පිරිකසනු ලබයි. එවිට ඔබගේ හඳුනුපත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුය.

අන්තර්ජාලය ඔස්සේ හෝ තැපෑලෙන් ගිණුම් ඇරඹීමට බොහෝ බැංකු ඔබට ඉඩ සලසයි. තැපැල් මාර්ගික හැඳුනුම් පත් ක්‍රමය තවත් ක්‍රමයකි. එනම් ඔබ ඔබගේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන තැපැල් කාර්යාලයට යයි. එහිදී ඔබ විසින්ම ඔබව හඳුන්වා දෙනු ලබයි. ඇතැම් විටක ඔබේ ලියාපදිංචි වීමේ කාඩ්පත එහිදී ඉල්ලා සිටිනු ලැබිය හැක.

Ein Mann sitzt an einem Laptop und tätigt eine Online-Überweisung. © Goethe-Institut

සෘජු තැන්පතු

ඔබේ නිවසේ කුළිය සහ වැටුප් ලබා ගැනීම සඳහා ජංගම ගිණුමක් තිබීම අවශ්‍ය වේ. සේවායෝජකයා විසින් වැටුප් ඔබේ ගිණුමට සෘජු තැන්පතු ලෙස ගෙවයි. ඔබට ඇති නිතිපතා ගෙවීම් සඳහා සෘජු බැර නිත්‍ය නියෝගයක් බැංකුවට ලබා දීමට ඔබට පුළුවන. අනෙකුත් ගෙවීම් බැංකුවෙන් ලබා ගත ප්‍රේෂණ වවුචරය පුරවා භාර දීමෙන් කළ හැක. නැතහොත් ඔබට නිවසේ සිට අන්තර්ජාලය හරහා ගෙවීම කළ හැකිය.

හැකි තරම් පහසුවෙන් මුදල් (යුරෝ) මාරු කිරීම සඳහා 2014 සිට (2018 ජූලි වන විට) යුරෝපීය රටවල් 34 ක SEPA ගෙවීම් ගනුදෙනු ක්‍රියාත්මක වේ. IBAN ගිණුම් අංකය සහ BIC බැංකු කේතය ප්‍රතිස්ථාපනය කරයි. උදාහරණයක් ලෙස ඔබේ EC කාඩ්පතේ IBAN සහ BIC සොයාගත හැකිය.

Eine Person zieht eine Kreditkarte aus einem Geldbeutel. © Goethe-Institut

EC කාර්ඩ් සහ ණයවර කාඩ් පත (Credit Card)

ඔබේ ජංගම ගිණුම ඇරඹීමේදී ඔබට EC කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. ඔබ කැමති නම ඔබට Credit Card පතක්ද ලබා ගත හැකිය. (උදා: Master Card, Visa) සාමාන්‍යයෙන් Credit Card පත සහ EC කාඩ් පත් එවනු ලැබේ. ඔබ විසින් කාඩ්පත් මත අත්සන යෙදිය යුතුය. දින කීපයකින් ඔබට ඔබේ රහස් කේතය එනම් මුරපදය තැපෑලෙන් ලැබේ. ඔබ එය සිහියේ තබා ගත යුතුය. EC කාඩ්පතින් ඔබට ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත හැකිය. බොහෝ සාප්පු වල ගෙවීම් Credit Card පතින් කළ හැකිය.
ඔබට ඔබගේ හර හෝ ක්‍රෙඩිට් කාඩ් පත අහිමි වී ඇත්නම් හෝ එය සොරකම් කර ඇත්නම්, හැකි ඉක්මනින් කාඩ්පත් අවහිර කළ යුතුය:
අගුළු හදිසි අංකය: 116 116

පොළිය

 ඔබේ ගිණුමේ ඇති ශේෂය සඳහා බැංකුව පොළියක් ගෙවනු ලබයි. ඔබේ ජංගම ගිණුමේ ඇති මුදල් වලට ගෙවනු ලබන්නේ ඉතා සුළු පොළියකි. ඔබට මුදල් ඉතිරි කිරීමට අවශ්‍යවන්නේ නම් ඔබ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇරඹිය යුතුය. ඒවායේ ජංගම ගිණුමට වඩා තරමක් වැඩි පොළියක් ගෙවයි.

Video International Sign

නිරතුරු අසන ප්‍රශ්ණ

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා