Auf einem Tisch stehen Stiftehalter mit vielen bunten Stiften und Bastelscheren. Daneben liegen selbstgemate Bilder von Kindern. © Goethe-Institut

වයස අවුරුදු 3 ට වඩා අඩු දරුවන්

වයස අවුරුදු 3 ට වඩා අඩු දරුවෙකු සිටින දෙමාපිය යුවලක් රැකියවක නිරත වන්නේ නම් දරුවා ළදරු සුරැකුම් මධ්‍යස්ථාන යක (Crèche ) දරුවා රැඳවිය යුතු ය. (Crèche ) ප්‍රමාණය සීමා සහිත බැවින් ඔබේ දරුවා හැකි ඉක්මනින් ආසන්නතම Crèche හි ලියාපදිංචි කළ යුතු ය. වයස අවුරුදු 3 ට වැඩි දරුවන් ළදරු පාසලට යැවිය හැක. එහි ක්‍රීඩා, ගායනය, චිත්‍ර සහ අත් වැඩ උගන්වයි. බොහෝ ළදරු පාසැල් ශ්‍රීෂ්ම තුවේදී දරුවන් නගරයෙන් බැහැර එළිමහනටරැගෙන යති. ළදරු පාසැල් වලදී දරුවන් ට භාෂා අවබෝධය ලබාදෙයි.

Auf einer Straße sind mit Straßenkreide eine Blume, ein Regebogen und eine Spinne gemalt. © Goethe-Institut

ළදරු පාසැල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඇතැම් ළදරු පාසැල් විවෘතව තබන්නේ දිවා ආහාර වේලාව තෙක් පමණි. එනම් උදේ 7 සිට පස්වරු 12- 1 දක්වා පමණි. අනෙක්වා  උදේ සිට සන්ධ්‍යාව තෙක් විවෘතව පවතී. මේවා “කිටා” (Kita) යනුවෙන්ද හඳුන්වයි. එහි දරුවන්ට දිවා ආහාරය ලබාදෙයි. ඒවාට ගාස්තු ගෙවිය යුතුය . පෙඩරල් රාජ්‍යයෙන් රාජ්‍යයට මෙම ගාස්තුව වෙනස් වේ. ඔබ උපයන ප්‍රමාණය, දරුවාගේ වයස සහ පාසලේ රැදී සිටින පැය ගණන යන කරුණු අනුව ළදරු පාසල් ගාස්තුව වෙනස් වේ. රජය මගින් මෙන්ම පෞද්ගලික ආයතන මගින්ද ළදරු පාසල් පවත්වයි.

බොහෝ ළදරු පාසැල්වලට දරුවන් ඇතුළත් කරනුයේ භාෂා පරීක්ෂණයකින් අනතුරුව ය. භාෂා පුහුණුවක් දෙනු ලැබේ. ඇතැම් විට ජර්මන් දරුවනට පවා ජර්මන් බස අසීරුය. භාෂා පරීක්ෂණය අසමත් වන දරුවන් තවත් වසරක් ළදරු පාසලෙහි රඳවා තැබීමට සලස්වනු ලැබේ. නැතහොත් දරුවනට තවදුරටත් භාෂා පුහුණුවක් ලබාදෙනු ඇත.


Ein Schild, auf dem Kindergarten geschrieben steht, führt ein Pfeil mit einem gezeichneten Mädchen in Richtung des Kindergartens. © Goethe-Institut

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා