Ansicht auf den unteren Teil eines Tisches, an dem Schülerinnen und Schüler sitzen. © Goethe-Institut

අනිවාර්ය පාසැල් යැවීම සහ පාසැල්

ජර්මනියේ දී දරුවන් පාසැල් යැවීම අනිවාර්ය වේ. ළමයින් අවුරුදු 9 ක් පාසැල් යා යුතු ය. ඇතැම් පෙඩරල් ආණ්ඩු විසින් නේවාසිකත්වය අවිනිශ්චිත වූ සංක්‍රමණිකයන්ගේ දරුවන්ට පවා පාසැල් යැවීම අනිවාර්ය කර ඇත. පාසැල් වසර අගෝස්තුවේ හෝ සැප්තැම්බරයේ ඇරඹී ජුනි හෝ ජුලි දක්වා පැවැත්වේ.

දරුවන් සාමාන්‍යයෙන් රාජ්‍ය පාසල් වලට යවනු ලබන අතර ගාස්තු ගෙවීමක් නොකෙරේ. එහෙත් පෞද්ගලික පාසල් සඳහා ගාස්තු ගෙවිය යුතුය.

Portrait einer jungen Frau mit asiatischem Hintergrund. © Goethe-Institut

විවිධ පාසල්

පාසල් විවිධාකාර වේ. වයස අවරුදු 6 සිට 7 දක්වා සියළු දරුවන් මූලික හෝ ප්‍රාථමික පාසල් වලට යති. අවුරුදු 4 කට පසු ළමයින් ද්වීතීක පාසල් වල ඉගෙනුම ආරම්භ කරති. මෙකී ද්වීතියික පාසල් විවිධාකාර වෙති. ඔබේ දරුවා ප්‍රථමික පාසැල හැර යාමට පෙර කෙබඳු ද්වීතියික පාසලකට යැවිය යුතු  දැයි උපදෙස් දෙනු ලැබේ. මේවා අතුරින් Hauptschule (ද්වීතියික වෘත්තිය පාසල්, 5-9ශ්‍රේණි) වලින් Hauptschulabschluss පාසල් අවසන් සහතිකය හෝ දරුවාට වැඩිදුර ඉගෙනීමෙ සහතිකය ලබාගත හැක. hauptschule හි දී ලී වැඩ ලෝහ වැඩ හා කාර්මික ඇඳීම වැනි වෘත්තීය විෂයන් උගන්වනු ලැබේ. ඊටත් ඉහළ මට්ටමක වූ Realschule මධ්‍යම ද්විතියික පාසල මගින් 5 සිට 10 දක්වා ශ්‍රේණිවල දරුවනට අධ්‍යාපනය ලබාදෙන අතර පාසැල් හැර යාමේදී “ද්විතියික පාසැල් ඩිප්ලෝමා” සහතිකය ලබාදෙයි. ඉහතකී පාසැල් දෙකින් පසුව දරුවාට Gymnasium නමැති 12 ශ්‍රේණිය දක්වාවූ ව්‍යාකරණ පාසලට ඇතුළත් විය හැක. මෙහිදී ළමයාට Abitur මට්ටම එනම් විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම ලබාගත හැක. Gymnasium පාසැලේදී විදේශ භාෂා 2 ක් ඉගෙනීමට අවස්ථාව ලැබේ. උදාහරණ වශයෙන් ඉංග්‍රීසි හෝ ප්‍රංශා ගත හැක. ඇතැම් පෙඩරල් රාජ්‍ය තුළ මෙකී පාසැල් තුන් වර්ගයම එනම් Hauptschule, Realschule සහ Gymnasium එකම පරිශ්‍රයක එකිනෙකට සමගාමීව පවත්වාගෙන යනු ලබන අතර එම පාසල Gesamstchule හෙවත් විස්තීර්ණ පාසැල නමින් හඳුන්වයි. එහිදී ළමයෙකුට hauptschule පාසලකින් Realschule පාසලකට මාරුවීමට අවශ්‍ය නම් එය ඉතා පහසුය. සෑම පෙඩරල් රාජ්‍යයකම ද්විභාෂා පාසැල්, විශේෂ පාසැල් සහ විශේෂඥ විද්‍යායතන සහ වෘත්තීය විද්‍යාල ද තිබේ.

පාසැල් කාලය

බොහෝ පාසැල් මධ්‍යාහනයේදී එනම් දහවල් 2-3 වනවිට හමාර වෙයි. ඉන් පසුව ඔවුනට පසු පාසැල් ළමා රක්ෂණ මධ්‍යස්ථාන ය වෙත ගොස් සන්ධ්‍යා භාගය එහි ගතකළ හැකිය. එහිදී දරුවනට ආහාර ලබාදීම සහ පාසල් පැවරුම් සඳහා උපකාර ලැබේ. ඔබ එම මධ්‍යස්ථාන  වෙත ගෙවීම් කළ  යුතු ය.

පාසැල් විෂයයන්

දරුවන් පාසලේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව උගනිත්. බොහෝ විෂයන් ඉගැන්වේ. ශාරීරික අධ්‍යාපනය ඉගෙන ගන්නේත් එකට ය. පිහිනුම් අභ්‍යාස නිරතුරුව ඉගැන්වේ. බොහෝ පාසල්වල කිතු දහම උගන්වයි. එහෙත් ඔබට එය අනිවාර්ය නොවේ. විකල්ප වශයෙන් “සාරධර්ම” තෝරාගත හැක. සමහර ඇතැම් පාසැල් වල මුදල් ගෙවා තම ආගම ඉගෙන ගත හැකි ය.උදාහරණ වශයෙන් ඉස්ලාම් ආගම සහ යුදෙව් ආගම ගත හැක.

Eine Schulklasse steht bei einer Stadtbesichtigung um die Lehrkraft herum, die etwas zur Geschichte der Stadt erzählt. © Goethe-Institut

පාසලින් පිටත ක්‍රියාකාරකම්

පාසල දරුවෝ සාමාන්‍යයෙන් වසරකට වරක් පන්ති චාරිකාවක් යති. එය සාමාන්‍යයෙන් දින 3-5 පමණ වේ. දරුවෝ එකට විනෝද වෙති. මෙවැනි චාරිකාවලින් දරුවෝ ඉතිහාසය, සංස්කෘතිය සහ සොබාදහමේ අපූර්වත්වය ඉගෙන ගනිති. මෙම දැනුම ඔවුන්ගේ විවිධප්‍රසංග වලදී විදහා දක්වති.

දෙමාපියෝ

සෑම පාසලකම දෙමාපිය සංගමයක් ඇත. ඔවුන් පාසල හා එක්ව එම පාසලේ අභිවෘද්ධියට උපකාර කරති. වසරකට කීප වතාවක් ගුරු දෙගුරු සන්ධ්‍යාවන් පැවැත්වේ. මෙම එක්වීම් වලදී තම දරුවාගේ අධ්‍යාපන තත්වය දැනගැනීමටත්, තමාට අවශ්‍ය ගුරු භාවතා පෞද්ගලිකව හමුවීමටත් දෙමාපියනට අවස්ථාව ලැබේ. දෙමාපියන් එකිනෙකා හඳුනා ගැනීම ද මෙහිදී සිදුවේ.

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා