යුරෝපා සංගමය (EU)
යුරෝපා සංගමය (EU) යනු යුරෝපයේ රටවල් සමූහයක එකතුවකි. වර්ග කිලෝමීටර මිලියන හතරකට වඩා වැඩි භූමි ප්රදේශයක මිලියන 450 කට ආසන්න ජනතාවක් ජීවත් වෙති. මේ වන විට යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගණන 27කි. මෙම සංගමයේ මූලික අරමුණ වන්නේ යුරෝපයේ සියලු ජනතාවට සාමයෙන්, සහයෝගීතාවයෙන් සිටීම සහ එම රටවල සමෘද්ධිය ඇති කිරීමයි. එමෙන්ම සියලුම යුරෝපීයයන් හොඳින් කටයුතු කිරීමයි. යුරෝපා සංගමය හරහා යුරොපියන්ගේ ජීවිතය වඩා පහසු කිරීමට මෙන්ම ආරක්ෂා කිරීමට ද කටයුතු කරයි. එමෙන්ම යුරෝපා සංගමයේ රටවල් වල ගැටලු විසඳීමට,පොදු නීතියක්රියාත්මක කිරීමට සහ නීතියට අනුකූලව කටයුතු කිරීමට අවශ්ය පසුබිම් නිර්මාණය කරයි.