Man sieht eine Straße in Berlin mit vielen Menschen, die über die Straße gehen und einem Bus und Trams im Hintergrund. © Goethe-Institut

පයින් හෝ පාපැදියෙන්

කුඩා නගර හෝ ගම්මාන වලදී ඔබට අවශ්‍ය තැන් වලට ඇවිද යා හැකිය. ජර්මන් වැසියන්ගෙන් බොහෝ දෙනා සුපිරි වෙළඳසැල් වලටත් වැඩටත් පාපැදියෙන් යති. බොහෝ නගර වල පාපැදි සඳහා තීරුවක් වෙන් කර ඇත. පාපැදි තීරුවක් නොමැති මාර්ග වල වීදි දිගේ වැඩිහිටියන් පාපැදි පැදගෙන යනු ලැබේ. වයස අවුරුදු 18 ට අඩු දරුවන් පදික වේදිකාවේ පාපැදිය පැදගෙන යති. පදිකයන්ට සහ පාපදිකරුවන්ට මාර්ග භාවිතයේදී රීති සමුහයක් ඇත. උදාහරණ වශයෙන් රතු එළියට එරෙහිව පාර පැනීමෙන් හෝ කැඩුණු ලාම්පු ඇතිව පාපැදි පැද යාමට එරෙහිව ඔබට පොලිස් නිලධාරීන් විසින් දඩ පනවනු ඇත.

Ansicht auf einen Gehweg mit abgestellten E-Rollern und Fahrrädern, im Hintergrund drei junge Männer und ein Schild einer Curry-Wurst-Bude. © Goethe-Institut

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය

ප්‍රධාන නගරයන්හි ප්‍රාදේශීය දුම්රිය (S- Bahn), උමං දුම්රිය (U- Bahn), ට්‍රෑම් (Straßenbahn) හෝ දකුණු ජර්මනියේ (Trambahn) සහ බස් රථ පොදු වාහන සේවාවන්ට උදාහරණ වේ. මේවාට ගොඩවීමට පෙර දුම්රිය ස්ථානයේ හෝ බස් නැවතුමේ ඇති යන්ත්‍රයෙන් හෝ කාර්යාලයෙන් ඔබ ටිකට් පතක් මිලදී ගත යුතුය. ඇතැම්විට බස් රථයේදී ටිකට් නිකුත් කරයි. ඔබට සතියකට, මාසයකට හෝ අවුරුද්දකට වාර ගමන් වාර පතක් (Pass) මගින් ගමනාගමනය කළ හැකිය. ඔබ නිරතුරුව පොදු ප්‍රවාහනය භාවිත කරන්නේ නම් එය ඉතා ලාභ දායකය. දරුවන්, ශිෂ්‍යයන්, ආබාධිතයන් සහ වයෝවෘද්ධකයන් සඳහා විශේෂ ගාස්තු අය කෙරේ. බස්රථ සහ දුම්රිය මගීන්ගේ ටිකට්පත් පරීක්ෂා කරනු ලබයි. ටිකට් පත් නොමැතිව අසු වුවහොත් දණ්ඩනයට යටත් වේ.

බස් නැවතුම් සහ දුම්රිය ස්ථානවල කාල සටහන් ප්‍රදර්ශනය කර ඇත. පිටත් වන වේලාවන් සහ ගමනාන්තයට ළඟා වන වේලාවන් එහි දැක්වේ. අදාළ ප්‍රවාහන සේවා ආයතනයේ වෙබ් අඩවියේද මෙම වේලාවන් දැක ගත හැකිය.

In einer Unterführung sieht man ein Fahrrad, zwei E-Roller und beklebte Säulen, im Hintergrund fährt eine Tram vorbei. © Goethe-Institut

මෝටර් රථයන්

බොහෝ දෙනා තම මොටෝ රියෙන් නගරයේ සැරිසරති. බොහෝ නගර වල කාර් නැවතුම් ස්ථාන සහ නැවතුම් තට්ටු ක්‍රියාත්මකය. මංමාවත් දෙපස එවැනි නැවතුම් පිළිබඳව තොරතුරු දක්වා තිබේ. රථ නැවතුම සඳහා ඔබ ගෙවිය යුතුය. ඔබ මොටෝ රිය පදවා ගෙන යන සෑම අවස්ථාවකදීම රියදුරු බල පත සහ වාහනයේ ලියාපදිංචි සහතිකය රැගෙන යා යුතුය. පොලීසියෙන් ඔබ නතර කරන විට ඔබ ඒවා ඉදිරිපත් කළ යුතුය.

වඩාත් දුර බැහැර ඇවිදීම

ප්‍රාන්තයෙන් බැහැර නගරයකට හෝ පිට රටකට යාමට ඔබට ඇවැසිද? ඔබට බසයෙන් හෝ දුම්රියෙන් හෝ ගුවනින් එහි යා හැක. බොහෝ නගරවල බස් රථ වලට පටවා ගැනීමේ ස්ථානය ප්‍රධාන දුම්රියපොළ ආසන්නයේ පිහිටා ඇත. දුර බැහැර දුම්රිය ගමන් සඳහා ඔබ Deutsche Bahn තෝරා ගනී. ඔබ කල් ඇතිව ආසන වෙන් කර ගන්නේ නම් ලාභයට ටිකට්පත් ගත හැකිය. ගුවන් ගමන් සඳහා ද එසේමය. උතුරු මුහුදේ බෝල්ටික් සයුර හරහා විශාල නෞකා ධාවනය වේ.

Ansicht auf ein Bahnhofsgebäude, oben ist ein abgeschnittenes Deutsche Bahn-Logo zu sehen, außerdem Wegweiser zu den Gleisen. © Goethe-Institut

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා