Ein Wohnhaus mit vielen Wohnungen ist zu sehen. Vor dem Haus steht ein blühender Baum. © Goethe-Institut

වාසස්ථාන පහසුකම් සොයා ගැනීම

විශේෂයෙන්ම සිකුරාදා සහ සෙනසුරාදා පුවත්පත් වල සංක්‍රමණිකයන් සඳහා වාසස්ථාන සැපයීම සඳහා වෙන් වූ තීරයක් ඇත. එකී පුවත්පත් වෙබ් අඩවි වලද මෙම දැන්වීම් දැක ගත හැකිය. දේපළ දැන්වීම් සඳහා විශේෂිත වූ වෙබ් අඩවිද ඇත. ඔබ වෙසෙන නගරයේ ඇති නිවාස තොරතුරු කාර්යාලය වෙතින් ඔබට මේ සඳහා උපකාර ලබාගත හැකිය. ජර්මනියේ සමහර කලාපයන්හි වාසස්ථාන සොයා ගැනීම ඉතා පහසු නමුත් අනෙකුත් කලාපයන්හි ඉතා දුෂ්කරය. එවැනි විටක දේපල ඒජන්තවරුන්ගේ සහය ඔබට ලබා ගත හැක. ඒ සඳහා ඔබ ගෙවිය යුතුය. ඔවුන් මාස 2-3 ක කුලිය කොමිස් ලෙස අය කරනු ලැබේ.

Ein Schlüsselbrett mit vielen Schlüsseln hängt im Eingang einer Wohnung. © Goethe-Institut

මාසික කුලී සහ තැන්පතු

දැන්වීම් වල ඔබගේ මාසික කුලිය දක්වා ඇත. එහෙත් එය “සීතල කුලියක්” වේ. මක්නිසාද යත් ශීත සමයේ වාසස්ථාන උණුසුම්ව තබා ගැනීමේ වියදම ඊට ඇතුළත් නොවන බැවිනි. ජලය, පොදු තරප්පු පවිත්‍රතාව, අපද්‍රව්‍ය බැහැර කිරීම හා විදුලිය ආදී සේවාවන් වෙනුවෙන් ඔබ ගෙවිය යුතුය. ඔබගේ පොදු පහසුකම් පිරිවැය කොපමණදැයි නිවාස හිමියාගෙන් ඔබ අසා දැන ගත යුතුය.
“සීතල කුලියට” පොදු පහසුකම්  ගාස්තු එක් කළ විට එය “උණුසුම් කුලිය” වේ. එය නිවාස හිමි වෙත ඔබ මාසිකව ගෙවිය යුතු ගාස්තුව වේ. සාමාන්‍යයෙන් කුලී නිවාස වල ලී බඩු නැත. සමහර විටෙක කලින් පදිංචිකරුගේ උදුනක් හා ශීතකරණයක් එහි තිබිය හැක. ඔබ ඊට ගෙවිය යුතුය.

සාමාන්‍යයෙන් නිවාස හිමිකරුවෝ තැන්පතුවක් ඉල්ලා සිටිති. සාමාන්‍යයෙන් එය සීතල කුලිය නොඉක්මවන කුලියක් විය යුතුය. ඔබ නිවාස හැර යන විටා එකී තැන්පතුව ඔබට ආපසු ගෙවනු ඇත. ඉල්ලා සිටින කුලිය අධික බව ඔබට වැටහේ නම් නිවාස කුලී සුචිය (Rent Index) කියවීමෙන් එය දැනගත හැකිය.

විදුලිය, ජලය සහ ගෑස් සඳහා ඔබට කෙතරම් මුදලක් දරන්නට සිදුවේ දැයි වසර මුලදී ඔබ නොදන්නෙහිය. එබැවින් ඔබ සෑම මාසයකදීම අත්තිකාරමක් ලැබීම අපේක්ෂා කරයි. වසර අවසාන ඔබට හිඟ මුදල් ගෙවීම හෝ වැඩිපුර ගෙවා ඇති මුදල ලබා ගැනීම කළ හැකිය.

Ein Stromzähler hängt im Keller einer Wohnung. © Goethe-Institut

බදු ගිවිසුම

බදු ගිවිසුමේ මාසික කුලිය සහ තැන්පතු පිළිබඳ සියළු තොරතුරු අන්තර්ගත වේ. නිවාස ආපසු භාරදීමේදී එය අලුත්වැඩියා කර දිය යුතුය යන්න බදු ගිවිසුමේ සඳහන් වේ. බද්ද අවසන් වීමට පෙර කොපමණ කාලයකට කලින් දැනුම් දිය යුතුද යන්න එහි දැක්වේ. නිවසක පදිංචියට යාමේදී සෑම විටම භාර ගැනීමේ සහතිකයක් අත්සන් කරවා ගත යුතුය. ඔබ පදිංචියට නිවාස භාර ගැනීමේදී එහි ඇති කවර භාණ්ඩ සදොස් දැයි පාර්ශවයන් දෙකම දන්නේ නම් කැඩුම් බිඳුම් අලාභ හානි ගෙවීමෙන් ඔබ නිදහස් වේ. එබැවින් නිවාස භාර ගැනීමේදී කුලී ගිවිසුම අත්සන් කිරීමට පෙරතුව මෙම පරික්ෂාව සහ සහතික කර ගත යුතුය.

නිවාස රීති

ඔබට ඔබගේ අසල්වැසියන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට අනවශ්‍යද? රීති කිහිපයක් බලමු. සාමාන්‍යයෙන් රාත්‍රී 10ත් උදෑසන 7ත් අතර කාලය සන්සුන් කාලයයි. මෙම කාලය අතරතුර ඔබ ඝෝෂා නොකර සිටිය යුතුය. ඉරිදා සහ බැංකු නිවාඩු දිනයන්හිදී මුළු දවස පුරාම සන්සුන් කාලය පවතී. ජර්මනිය තුළ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ්, පළතුරු සහ එළවළු සහ අනෙකුත් ඉවතලන දේ දැමීම සඳහා වෙනවෙනම ඉවතලන බහාළුම් තබා ඇත. වීදුරු, ටින් සහ විදුලි ආම්පන්න විශේෂ මධ්‍යස්ථාන  වලට හෝ බහාලුම් මධ්‍යස්ථාන  වලට ගෙන යා යුතුය. අනෙකුත් රීතින් ඔබගේ නිවාස රීති තුළ අඩංගු වේ. උදාහරණයක් ලෙස ඔබට ඔබගේ සුරතල් බල්ලා හෝ බළලා ඔබගේ මධ්‍යස්ථාන යේ තබා ගත යුතුද? ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගය හෝ පදිකවේදිකාව ඔබ විසින් පිරිසිදු කළ යුතුද?

Eine Person putzt ein Treppenhaus in einem Wohnhaus. © Goethe-Institut  

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා