Logo jmd4you © JMD JMD4you - අවුරුදු 27 දක්වා තරුණ තරුණියන් සඳහා.

මාර්ගගත උපදේශන සේවාව jmd4you යනු තරුණ සංක්‍රමණ සේවා (JMD) විසින් සපයනු ලබන සේවාවකි.

ඔබට අන්තර්ජාලය හරහා උපදේශකයින් සම්බන්ධ කර ඔබේ ප්‍රශ්න ඇසිය හැකිය. උපදේශක කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ සංක්‍රමණිකයින්ට උපදෙස් දී ඇත. ඔවුන් ජර්මනියේ ජීවිතය හෝ ගැටළු පිළිබඳ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයයි. උදාහරණයක් ලෙස: මට රියදුරු බලපත්‍රයක් ලබා ගත හැක්කේ කොතැනින්ද? ජර්මනියේ රැකියාව සඳහා මට කුමක් කළ හැකිද? මට නීතිඥවරයෙකු අවශ්‍යයි - මා කුමක් කළ යුතුද?

උපදේශන සැසි ආරක්ෂිතයි, නිර්නාමිකයි, බහුභාෂා සහ නොමිලේ සැපයේ. මාර්ගගත (online) උපදේශන වෙබ් අඩවිය දැනට ජර්මානු, ඇල්බේනියානු, අරාබි, ඉංග්‍රීසි, රුසියානු සහ තුර්කි භාෂාවෙන් ඇත.

www.jmd4you.de

Logo Mbeon © Mbeon

Mbeon - වයස අවුරුදු 27 සහ ඊට වැඩි වැඩිහිටි සංක්‍රමණිකයින් සඳහා.

Mbeon යනු මැසෙන්ජර් සේවාව පාදක කරගත් කතාබස් (Chat) තුළ වැඩිහිටි සංක්‍රමණිකයින් සඳහා (MBE) රටපුරා ක්‍රියාත්මකවන මාර්ගගත උපදේශන සේවාවකි.

Mbeo යනු ඔබගේ ස්මාට් ජංගම දුරකථනයෙන් ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි ඇප් එකකි. ඔබට විවිධ භාෂා විස්සකට අධික සංඛ්‍යාවක විශ්වාශනිය ලෙස උපදෙස් ලබා ගත හැකි අතර ඕනෑම වේලාවක ප්‍රශ්න අසන්න. සියලුම mbeon උපදේශකයින් පුහුණු උපදේශකයින් වේ.

පළමුව ලැයිස්තුවකින් mbeon උපදේශකයෙකු තෝරාගන්න. ඔබේ තේරීම සිදු කරන විට, ඔබට භාෂාව සහ ස්ථානය අනුව පෙරහන් (filter) කළ හැකිය. පැය 48 ක් ඇතුළත පුද්ගලික චැට් එකකින් ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ඔබට ලැබෙනු ඇත.

ස්ථානීය උපදේශනයේදී මෙන්, ඔබට අවශ්‍ය තාක් කල් ඔබගේ උපදේශකයා සමග උපදේශන සේවා ලබාගත හැකිය. අවශ්‍ය නම්, උපදේශන මධ්‍යස්ථානයේදී ඔබේ උපදේශකයා සමඟ වේලාවක් වෙන්කරගෙන හමුවීමක් කළ හැකිය.

සියලුම කෙටි පණිවිඩ, ලේඛන සහ හ voice මතක සටහන් (voice memos) mbeon හරහා ආරක්ෂිතව යවනු ලැබේ. දත්ත ජර්මනියේ සේවාදායකයක ගබඩා කර ඇත.


www.mbeon.de