Ein Mann schaut aus einem Fenster und lacht dabei. © Goethe-Institut

විදේශ ගමන් බලපත්‍රය සහ වීසා

විදේශ ගමන් බලපත්‍රය සහ වීසාජර්මනියට ප්‍රවේශ වීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් (Passport) ඔබ ලබා තිබිය යුතු අතර එරට තුළ දී ඔබ ලියාපදිංචි වන සෑම කටයුත්තකදී ම මෙම විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.

වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය වෙතින් ඉල්ලුම් කළ යුතු ය. ඔබට දැනටමත් එරට ආතනයක් සමඟ රැකියා ගිවිසුමක් තිබීම හෝ ඔබගේ පවුලේ සමාජිකයන් ජර්මනියේ වෙසෙත් නම් හෝ ඔබට වීසා ලබා ගැනීම පහසු වනු ඇත .
එහෙත් යුරෝපා සංගමයට අයත් රටක වෙසෙන අය හට ජර්මනියට ප්‍රවේශ වීමට වීසා අවශ්‍ය නොවේ.

Auf einer Hauswand sieht man ein Schild, das zum Bundesamt für Migration und Flüchtlinge führt. © Goethe-Institut නේවාසිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය සහ නේවාසික බලපත්‍රය

ජර්මනියේදී මුලින්ම ඔබ පදිංචි වී සිටින නගරයේ ඇති නේවාසිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි විය යුතු අතර ඊළඟට ඔබ එහි ආගමන කාර්යාලයට ගොස් වාර්තා කළ යුතුය. එහිදී ඔබට නේවාසික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එය ඔබේ පදිංචිය පිළිබඳ තොරතුරු අඩංගු කාඩ් පතකි. ඔබට ජර්මනියේ රැදී සිටීමට දී ඇති කාලය හා ඔබට කිසියම් කටයුත්තක් සඳහා කාර්යාලයකට යාමට අවශ්‍යව ඇති නමුත් ජර්මන් බස කතා කිරීමට නොහැකි නම් භාෂා පරිවර්තකයකුගේ සේවය ඉල්ලා සිටිය හැක. එමගින් ඔබට එම කාර්යාල නිලධාරීන් සමඟ සන්නිවේදනය පවත්වා ගත හැකිය .
 

අනුගත වීමේ පාඨමාළාව

ජර්මන් බස මනා ලෙස හැසිරවීමට ඔබට නොහැකි නම් අනුගත වීමේ පාඨමාළාවක් හැදෑරීමට ඔබට හැකිය. එමගින් වඩාත් හොඳින් ජර්මන් බස හැසිරවීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. තවද, ඔබට එහිදී ජර්මන් රට ගැන වැදගත් තොරතුරු සමුදායක් ඉගෙනීමට ලැබෙනු ඇත. ආගමන කාර්යාලය විසින් ඔබට ඒ සඳහා උපකාර හා මග පෙන්වීම කරනු ලැබේ.

Ein Kursteilnehmer lacht in die Kamera. Er befindet sich im Klassenzimmer. © Goethe-Institut

රැකියා සොයා ගැනීම සහ වෘත්තීය පුහුණුව

ඊළඟ පියවර රැකියාවක් සොයා ගැනීමයි. ඔබ ශ්‍රී ලංකාවේ දී කිසියම් වෘත්තියක ප්‍රගුණතාවය හෝ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ඇත් ද ? එසේ නම් ඒ බව තහවුරු කෙරෙන ලියවිලි ජර්මන් බසට පරිවර්තනය කොට සහතික කර තිබිය යුතු ය. ඒ සඳහා මෙන්ම රැකියාවක් සොයා ගැනීමට ද රැකියා ඒජන්සිය උපකාර කරනු ඇත. මේ වන විටත් අධ්‍යාපනික සුදුසුකමක් හෝ වෘත්තික භාවයක් ලබා නොමැති නම් ඔබට ගැළපෙන රැකියාවක් පිළිබඳ උපදෙස් ලබා දීමට ද ආධුනිකත්ව හෝ වෘත්තීය පාඨමාලා පිළිබද තොරතුරු සපයා දීමට ද රැකියා ඒජන්සිය කටයුතු කරයි. ඔබට මේ පිළිබඳ තොරතුරු සමූහයක් මෙම උපදෙස් සංග්‍රහයේ “ ශාස්ත්‍රීය අධ්‍යන සහ වෘත්තීය පුහුණුව” යන පිටුවේ විස්තර කර ඇත.

දරුවන් සහ පාසල  

දරුවන් පාසැල් යැවිය යුතු අතර ඔබේ දරුවා අනිවාර්යෙන්ම පාසලක ලියාපදිංචි කළ යුතුය. නගරයේ තාරුණ්‍ය කාර්යාලය ඔබට උපකාරී වනු ඇත. වැඩි විස්තර “ පූර්ව අධ්‍යාපනය හා පාසල් පද්ධතිය” යන ඡේදය කියවන්න.

රක්ෂණය

ඇතැම් රක්ෂණ යෝජනා ක්‍රම එනම් සෞඛ්‍ය රක්ෂණය විශ්‍රාම රක්ෂණය සහ ආරක්ෂක රක්ෂණය ඉතා වැදගත්ය.
රක්ෂණ” පිටුව බලන්න ඔබට රැකියාවක් තිබේ නම් ඒවා සියල්ල නිතැතින්ම හිමිවේ. එමෙන්ම ඔබට ජංගම බැංකු ගිණුමක් තිබිය යුතුය. (බැංකු ගිණුම සහ මුල්‍ය පිටුව බලන්න.)

Video International Sign

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා