විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්රය
ඔබට ඔබේ රටේ ජර්මානු තානාපති කාර්යාලයෙන් (හෝ කොන්සල් කාර්යාලයෙන්) වීසා බලපත්රයක් ලබා ගත හැකිය. ඔබට දැනටමත් ජර්මනියේ රැකියා කොන්ත්රාත්තුවක් තිබේද නැතහොත් ඔබේ පවුලේ කොටසක් මෙහි ජීවත් වේද? ඔබට වෘත්තීය පුහුණුවක් හෝ වෘත්තීය පළපුරුද්දක් තිබේද? එවිට ඔබට වඩාත් පහසුවෙන් වීසා බලපත්රයක් ලබා ගත හැකිය. මේ පිළිබඳ තොරතුරු ෆෙඩරල් විදේශ කාර්යාලයෙන් සහ ෆෙඩරල් රජයේ විදේශය නිපුණත්ව ශ්රමිකයන්ට ඇති ද්වාරයෙහි “Make it in Germany“යන මාතෘකා සොයා ගත හැකිය.
පදිංචිකරුවන්ගේ ලියාපදිංචි කිරීමේ කාර්යාලය සහ පදිංචි බලපත්‍රය
පළමුව ඔබ ජර්මනියේ ඔබේ නගරයේ පදිංචිකරුවන්ගේ ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. මේ වෙනුවෙන් බොහෝ කාලයක් බලා සිටීමට සිදු වේ. එමනිසා, ඉක්මනින් හමුවීමක් සිදුකරන්න. ඔබට අන්තර්ජාලයෙන් හමුවීමක් සඳහා වෙන් කරවා ගත හැකිය. "පදිංචිකරුවන්ගේ ලියාපදිංචි කිරීමේ කාර්යාලය" සහ ඔබේ නගරය ඇතුලත් කරන්න. ඊට පසු, ඔබ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යා යුතුය. එහිදී ඔබට නේවාසික බලපත්රයක් ලැබෙනු ඇත. මෙය ඔබගේ පදිංචි තත්ත්වය සහිත කාඩ්පතකි. මෙහි ඔබට ජර්මනියේ රැඳී සිටීමට කොපමණ කාලයක් අවසර දී ඇත්ද යන්න සහ ඔබට වැඩ කිරීමට අවසර තිබේද යන තොරතුරු ඇතුළත් වේ.
ජර්මනියේ පළමු පියවර සඳහා පිරික්සුම් ලැයිස්තුව
- ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව: ඔබ ජර්මානු භාෂාව හොඳින් කතා කරන්නේ නැද්ද? එසේ නම් ඔබට ඒකාබද්ධ කිරීමේ පාඨමාලාවක් හැදෑරිය හැකිය. “ඒකාබද්ධ කිරීමේ පාඨමාලාව” යන මාතෘකාව තුලින් ඔබට මේ පිළිබඳව වැඩිදුර කියවිය හැකිය.
- රැකියා සෙවීම සහ පුහුණුව: “රැකියා ඒජන්සිය” ඔබට රැකියාවක් සොයා ගැනීමට සහ පුහුණුවට සහ පාඨමාලා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී වනු ඇත. “රැකියාසෙවීම සහ අධ්යනය සහ පුහුණුව” යන මාතෘකා තුලින් මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය.
- ළමුන් සහ පාසල: ජර්මනියේ දරුවන්ට පාසල් යා යුතුය. “ළමා රැකවරණය සහ පාසැල් පද්ධතිය” යන මාතෘකා තුලින් ඔබට මේ ගැන වැඩිදුර කියවිය හැකිය.
- රක්ෂණය: ඇතැම් රක්ෂණ ඉතා වැදගත් වේ: විශේෂයෙන්ම සෞඛ්ය රක්ෂණය, විශ්රාම වැටුප් රක්ෂණය සහ දිගු කාලීන සත්කාර රක්ෂණය ඉතා වැදගත්ය. “සෞඛ්ය හා රක්ෂණ” යන මාතෘකා තුළින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.