විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්

ජර්මනියේ මිලියන අටකට ආසන්න ජනතාවක් දරුණු ආබාධ සහිතව ජීවත් වෙති. ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් සිටී, උදාහරණයක් ලෙස අන්ධ පුද්ගලයින් හෝ රෝද පුටු වල සිටින අය. ඔබට දෘශ්යමාන වන අබාධ සහිත පුද්ගලයන් මෙන්ම ඔබට නොපෙනෙන ආබාධ සහිත පුද්ගලයන් ද ඇත. නිදසුනක් වශයෙන්, ඉගෙනීමේ දුෂ්කරතා, පිළිකා හෝ මානසික රෝග වැනි නිදන්ගත රෝග ඇති අය පෙන්වා දීය හැක. උපතේ සිටම ආබාධිත තත්වයට පත් වූ අය මෙන්ම හදිසි අනතුරක් හෝ අසනීපයක් නිසා අබාධිත තත්වයට පත් වූ අය ද සිටිති.

Audio-Player: Artikel anhören

Artikel anhören

Inklusion

Schild mit Rollstuhl vor einer Treppe © Goethe-Institut/ Simone Schirmer

අයිතිවාසිකම්

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය 2009 වර්ෂයේ සිට ජර්මනියේ බලාත්මක වේ. ජර්මානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් වන්නේ සියලු ජනතාව සමාන බවයි. ආබාධ සහිත පුද්ගලයින්ට ද මෙය අදාළ වේ. ආබාධයක් නිසා කිසිවෙකු වෙනස් කොට නොසැලකිය යුතුය. ආබාධිත බව එදිනෙදා ජීවිතය ගත කිරීමට ගැටළුවක් නොවිය යුතුය. ආබාධ සහිත පුද්ගලයන් ද සමාජ ජීවිතයට සම්බන්ධ විය යුතුය. කෙසේ නමුත් ඔවුන්ට එදිනෙදා ජීවිතය ගත කිරීම සාමාන්ය පුද්ගලයෙකුට තරම් පහසු නොවේ.

රජය උපකාර කරන්නේ කෙසේද?

ජර්මානු රජය ආබාධ සහිත පුද්ගලයින්ට උපකාර කරයි. නිදසුනක් වශයෙන්, ඔවුන්ගෙන් අඩු බදු ප්රතිශතයක් අය කර ගනී. එමෙන්ම ඔවුන්ට උපදේශන සඳහා දීමනා සහ වෛද්ය ප්රතිකාර ද හිමිවේ. ඇතැම් විට ළමා රැකවරණය හෝ ගෘහ සේවිකාවන් සඳහා ද මුදල් ගෙවනු ලැබේ. එය රඳා පවතින්නේ යමෙකුට ඇති ආබාධය මත ය.

රජයේ සහාය ලබා ගැනීම සඳහා, ඔබට බරපතල ආබාධිත පුද්ගලයෙකු බවට සහතිකයක් වේ. ඒ සඳහා විශ්රාම වැටුප් කාර්යාලයෙන් ඉල්ලුම් කළ හැකිය. මෙම ලේඛනය සමඟ, ඔබට පොදු ප්රවාහනය, එනම් බස් රථ හෝ උමං මාර්ග නොමිලේ භාවිතා කළ හැකිය. එමෙන්ම කෞතුකාගාර සඳහා නොමිලේ ඇතුළු විය හැකිය.

රැකියාවක් ලබා ගැනීම

ආබාධ සහිත පුද්ගලයින්ට රැකියාවක් සොයන විට උපකාර ලැබේ. ඔවුන්ට රැකියාවේදී ආරක්ෂාව ලැබෙනවා. සේවා යෝජකයින්ට ඔබට ඉතා පහසුවෙන් සේවය අවසන් කිරීමේ දැන්වීමක් ලබා දීමට අවසර නැත. සමාන අවස්ථා ලබා දීම සඳහා නිලධාරීන් සිටිති. ආබාධ සහිත පුද්ගලයින්ට රැකියා ස්ථානයේ කිසිදු ගැටළුවක් ඇති නොවීමට මෙම පුද්ගලයින් වග බලා ගනී.

ප්‍රවේශ වීමේ හැකියාව

ආබාධ සහිත පුද්ගලයන්ට ද යහපත් ජීවිතයක් තිබිය යුතුය. මේ සඳහා, ඔවුන්ට නගරය තුළ ස්වාධීනව ගමන් කළ හැකි වීම වැදගත්ය. නිදසුනක් වශයෙන්, ජර්මනියේ රෝද පුටු භාවිතා කරන්නන්ට පොදු ගොඩනැගිලි වලට ඇතුළු විය හැකි ආකාරයට ප්රවේශ මාර්ග සකසා ඇත. එමෙන්ම කිසිදු ගැටළුවක් නොමැතිව බස් රථ සහ ට්රෑම් රථවලට ද නැඟිය හැකි ආකාරයට ප්රවේශ ක්රම සකසා ඇත. කෙසේ නමුත් . අවාසනාවකට මෙන්, මෙය සෑම ස්ථානයකම නොමැත. උමං මාර්ගය බොහෝ විට බාධක ඇති අතර සෑම තැනකම විදුලි සෝපානයක ද නොමැත.

දෘශ්යබාධිත හෝ අන්ධ පුද්ගලයින් සඳහා, බිම දාර ඇත. මෙයඔවුන්ගේ සුදු සැරයටිය මගින් ගොඩනැගිල්ලකට හෝ බස් නැවතුමකට යාමට මාර්ගය සොයා ගැනීම පහසු කරයි. බොහෝ රථවාහන විදුලි පහන් (traffic light) මගින් යම් ශබ්දයක් නිකුත් කරන අතර එවිට පාර මාරු විය හැකි බව අන්ධ මිනිසුන් දැන ගනී.

සෑම දෙනාටම අන්තර්ජාලයට ප්රවේශ වී තොරතුරු දැනගැනීමට හැකි විය යුතුය. රාජ්ය ආයතන සහ මහ නගර සභා වෙබ් අඩවි වල තොරතුරු ඉතා සරල සහ තේරුම් ගත හැකි භාෂාවකින් ඉදිරිපත් කරනු ලබයි. පෙනීම අඩු පුද්ගලයන් සඳහා පුද්ගලයින් සඳහා, වෙබ් අඩවි වලට අකුරු සහ පසුබිම අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුය. මීට අමතරව, පාඨකයාට සෑම දෙයක්ම ශබ්ද නඟා කියවිය හැකි ආකාරයට නිර්මාණය කළ යුතුය.

ආබාධ සහිත දරුවන්

ඔබට ආබාධසහිත දරුවෙකු හෝ නිදන්ගත රෝගී දරුවෙකු සිටීද? ඔබේ නගරයේ තරුණ සුබසාධන කාර්යාලයෙන් ඔබට උදව් ලබා ගත හැකිය.

කුඩා දරුවන් වෙනුවෙන් මුල් අවධියේ සිටම මැදිහත්වීමක් ඇත. උපතේ සිට පාසල් යන වයස දක්වා ළමුන් සඳහා ආධාරක වේ. එකී අධාරක ආබාධ සහිත දරුවන් සඳහා හෝ අනෙක් දරුවන්ට වඩා මන්දගාමීව ඉගෙන ගන්නා දරුවන් සඳහා හිමිවේ. උදාහරණ: දෘශ්ය පාසල්,භාෂා ආධාරක

ආබාධ සහිත දරුවන්ට ළදරු පාසලකට ද ඇතුළත් විය හැකිය. ආබාධ සහිත සහ නැති දරුවන් එකට එහි යති. නමුත් ආබාධ සහිත දරුවන් සඳහා පමණක් විශේෂ බාලාංශ ද ඇත.

පාසල් වල ද එසේමය. ජර්මනියේ, ආබාධ සහිත හෝ විශේෂ අවශ්යතා සහිත දරුවන් සඳහා විශේෂ පාසල් ඇත. එමෙන්ම බාධ සහිත සහ නොමැති දරුවන් සඳහා එකට උගන්වන පාසල් ද ඇත. මෙය ෆෙඩරල් ප්රාන්ත අනුව වෙනස් වේ.

වෙනස් කොට සැලකීම

අයිතිවාසිකම්වලට ගරු නොකරන්නේ නම්, එය සමහර අවස්ථාවලදී වෙනස් කොට සැලකීමක් විය හැකිය. “වෙනස් කොට සැලකීම සමඟ කටයුතු කිරීම” කොටස කියවන්න.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න