දරුවන් සමඟ ජීවත් වීම

Kinderfahrrad und Schuhe vor einer Wohnungstüre © Goethe-Institut/ Gina Bolle

පවුල ඉතාම වැදගත්. පවුලෙන් ඔබට ආදරය, සහයෝගය සහ සංහිඳියාව ලැබේ. ජර්මනියේ විවිධ වර්ගයේ පවුල් තිබේ. සෑම පවුලක්ම එකිනෙකට වෙනස් වේ.

Audio-Player: Artikel anhören

Artikel anhören

Leben mit Kindern

පවුල් කවය

බොහෝ පවුල්වල දෙමව්පියන් දෙදෙනාම දරුවන් ඇති දැඩි කිරීම ගැන සැලකිලිමත් වෙති. බොහෝ විට එක් දෙමව්පියෙක් අඩු කාලයක් රැකියාවේ නිරතවන අතර වැඩි කාලයක් දරුවන් සමග ගත කරයි. සාමාන්යයෙන් බොහෝ පවුල් වල මෙසේ කරන්නේ අම්මාය. කෙසේ වෙතත්, ටික කලක් සඳහා රැකියාවට නොගොස් සහ දරුවන් රැකබලා ගන්නා පියවරු ද සිටිති.

සමහර දෙමව්පියන් වෙන්ව එක වහලක් යට ජිවත් නොවුණද වුවද ඔවුන් දරුවන් රැකබලා ගන්නේ එකටය. නමුත් එක් දෙමව්පියෙකු පමණක් සිටින බොහෝ පවුල් ද ඇත. ඔවුන් තනි දෙමව්පියන් ලෙස හැඳින්වේ. අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක් සිටින “දේදුනු පවුල්” තිබේ. ඒවගේම විවිධ දෙමව්පියන්ගේ දරුවන් එකට ජීවත් වන “පැච්වර්ක් පවුල්” තිබේ. එමෙන්ම ඥාතීන් හෝ හදාවඩා ගත් දෙමව්පියන් දරුවන් රැකබලා ගන්නා “හදාවඩා ගත් පවුල්” ද තිබේ.

ගැබ් ගැනීම

දරුවන් සමඟ ජීවිතය ආරම්භ වන්නේ ගර්භණී සමයේ දී සිටය. ගැබ් ගැනීම සම්බන්ධයෙන් ඔබට යම් ගැටළුවක් තිබේ නම්, ඔබට ගර්භණී උපදේශන මධ්යස්ථානයකට යා හැකිය.

ගර්භණී සමයේදී, ඔබ නිතිපතා ප්රසව නාරිවේද වෛද්යවරයෙකු හමුවිය යුතුය. වෛද්යවරයා ඔබේ ප්රශ්නවලට පිළිතුරු සපයනු ඇති අතර ඔබේ දරුවාගේ සෞඛ්ය පරීක්ෂා කරනු ඇත. පවුල් සෞඛ්ය නිලධාරිනියට ද ඒ සමාන වගකීම් හා කාර්යන් ඇත. . ඇය ඔබට ගර්භණී සමයේදී සහ ඔබේ දරුවාගේ උපතෙන් පසුව ද උපදෙස් ලබා දෙනවා මෙන්ම උපකාර ද කරයි. දරු උපත සිදු වන අවස්ථාවේ දී පවුල් සෞඛ්ය නිලධාරිනිය ළඟ සිටියි. ප්රසව හා නාරිවේද වෛද්යවරයකු සහ/ හෝ පවුල් සෞඛ්ය නිලධාරියනියක් සොයා ගැනීමට ඔබට ඔබේ පවුල් වෛද්යවරයාගෙන් උපකාර ලබා ගත හැකිය. දරු උපතක් වෙනුවෙන් සුදානම් වන ආකාරය පැහැදිලි කරන පාඨමාලා වලට ද බොහෝ කාන්තාවන් සහභාගී වෙති. එමෙන්ම ඔබට වෙනත් ගර්භනී මව්වරුන් හඳුනා ගැනීමට ද අවකාශය ලැබේ.

මාතෘ නිවාඩු, දෙමාපිය නිවාඩු සහ දෙමාපිය දීමනාව

ඔබට ස්ථිර රැකියාවක් තිබේ නම්, ඔබට උපතට පෙර මාතෘ නිවාඩු ලබා ගත හැකිය. මෙම කාලය තුළ ඔබ වැඩ කළ යුතු නැත. බොහෝ වෘත්තීන්හි, මෙය උපතට සති හයකට පෙර මාතෘ නිවාඩු ලබා ගත හැකිය. මාතෘ නිවාඩු අවම වශයෙන් සති 14 කාලයක් පවතී. එය දීර්ඝ කර ගැනීමේ හැකියාවද ඇත. මෙම කාලය තුළ, ඔබේ සේවායෝජකයාට ඔබව සේවයෙන් ඉවත කිරීමට අවසර නැත.

මාතෘ නිවාඩුවෙන් පසු, ඔබට දෙමව්පිය නිවාඩු ගත හැකිය: ඔබට නිවසේ රැඳී සිටඔබේ දරුවා රැකබලා ගත හැකිය. මේ කාලය තුළ ඔබ වැඩ කළ යුතු නැත. දෙමව්පිය නිවාඩු වසර තුනක් දක්වා කාලයක් සඳහා ලබා ගත හැකිය. උදාහරණයක් ලෙස, ඔබට දෙමව්පිය නිවාඩු වසර එකක් හෝ දෙකක් පමණක් ගත හැකිය. ඔබට ඔබේ දරුවාගේ 8 වන උපන්දිනය දක්වා දෙමාපිය නිවාඩුවෙන් කොටසක් ගත හැකිය. මෙය සෑම දෙමව්පියෙකුටම අදාළ වේ. ඊට පසු, ඔබට ඔබේ රැකියාවට ආපසු යා හැකිය.

රැකියාව සහ පවුල සමබරව පවත්වාගෙන යාම සෑම විටම පහසු නොවේ. ජර්මනියේ දෙමාපිය දීමනාවක් ඇත. එය ලබා දීමේ අපේක්ෂාව තරුණ පවුල් වලට සහයක් දැක්වීමයි. දෙමව්පිය නිවාඩු ලබා ගන්නා පළමු මාස දොළහ තුළ, ඔබට දෙමව්පිය දීමනාව ලැබේ. ඔබේ සහකරු ද දෙමව්පියන්ගේ නිවාඩු ලබා ගන්නේ නම්, එය මාස 14 කි. ඔබට දෙමව්පිය දීමනා ද හිමිවේ.මාස 24ක් යන තෙක් එය ඔබට හිමි වේ. දෙමාපිය දීමනාවේ ප්රතිලාභය ඔබේ ශුද්ධ වැටුප මත රඳා පවතී. ඔබ දෙමාපිය දීමනාව සඳහා ඉල්ලුම් කළ යුතුය. ඔබට රැකියාවක් නොමැති වුවද ඔබට එය ලැබේ.

දරුවන් සඳහා ඇති ප්‍රතිලාභ

දරුවන් හදාවඩා ගන්න විශාල මුදලක් වැය වේ. ජර්මනියේ පවුල් වලට රජයෙන් මුදල් ලැබෙන්නේ එබැවිනි. ඔබේ දරුවන්ට හොඳ ජීවිතයක් සහ හොඳ අනාගතයක් ලබා දීම සඳහා ඔබට ළමා ප්රතිලාභ භාවිතා කළ හැකිය. ඔබ ෆෙඩරල් රැකියා ඒජන්සිය හරහා ළමා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කළ යුතුය. අවම වශයෙන් ඔබේ දරුවාගේ දහඅටවන උපන්දිනය තෙක් ඔබට ළමා ප්රතිලාභ ලැබෙනු ඇත. සුළු ආදායමක් ලබන අයට අමතර මුදල් ලැබිය හැකිය.

වෛද්‍ය පරීක්ෂණ

ඔබේ දරුවන්ගේ සෞඛ්ය ඉතා වැදගත්. ජර්මනියේ ළමා රෝග විශේෂඥ වෛද්යවරුන් විසින් නිතිපතා පරීක්ෂණ පවත්වන්නේ එබැවිනි. මෙම පරීක්ෂණ වලදී ළමා රෝග විශේෂඥ වෛද්යවරයා ඔබේ දරුවා හොදින් පරික්ෂා කරනු ඇත. මෙහිදී ඇති විය හැකි ගැටළු සහ රෝග මුල් අවධියේදී හඳුනාගත හැකිය. නිදසුනක් වශයෙන්, වෛද්යවරයා ඔබේ දරුවාගේ බර සහ උස පරීක්ෂා කරනු ඇත. ඔහු හෝ ඇය බලන්නේ දරුවා හොඳින් වර්ධනය වෙනවාදැයි පරික්ෂා කරයි. වෛද්යවරයා සෑම පරීක්ෂණයකම සටහන් පොතකට ඇතුළත් කරයි. එමෙන්ම මෙම පරීක්ෂණ නොමිලයේ පවත්වයි. මෙම සියළු පරීක්ෂණ නිසි කලට කිරීමට ඔබ මතක තබා ගත යුතුය.එමෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්යවරයා ඔබේ දරුවා සඳහා එන්නත් ලබා දීම ද සිදු කරනු ඇත.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්

ඔබට විශේෂ අවශ්යතා සහිත දරුවෙකු හෝ නිධන්ගත රෝග සහිත දරුවෙකු සිටීද? "විශේෂ අවශ්යතා සහිත පුද්ගයන් සමඟ ජීවත් වීම” කොටස කියවන්න.

ළමා රැකවරණය

ජර්මනියේ, ඔබේ දරුවන් රැකබලා ගැනීම සඳහා විවිධ විකල්ප තිබේ. "ළමා රැකවරණය" කොටස කියවන්න.

විවේකය

ඔබේ නිදහස් කාලය තුළ, ඔබට ඔබේ දරුවන් සමඟ බොහෝ දේ කළ හැකිය: කුඩා දරුවන් සඳහා එළිමහන් ක්රීඩාපිටි තිබේ. වැඩිහිටි දරුවන්ට ක්රීඩා සමාජයකට යා හැකිය. පිහිනීම සඳහා ගිම්හානයේදී එළිමහන් තටාක ද ශීත සෘතුවේ දී ගෘහස්ථ තටාක ද ඇත. පාසැල් නිවාඩු කාලය තුළ, නගරවල දරුවන් සඳහා විශේෂ දීමනා ඇති අතර ඒවා සඳහා වැඩි වියදමක් දැරීමට සිදු නොවේ. ඔබට තරුණ සුභසාධන කාර්යාලයෙන් සහ ඔබේ නගරයේ නගර ශාලාවෙන් තොරතුරු ලබා ගත හැකිය. බොහෝ සමාජ ශාලා විශේෂයෙන් ළමුන් සඳහා විවේක ක්රියාකාරකම් ද සපයයි. වැඩි විස්තර "විවේක කාලය" කොටසෙන් දැනගත හැකිය.

ජර්මනියේ, දරුවන් බොහෝ විට ඔවුන්ගේ මිතුරන් සමඟ කාලය ගත කරයි. නිදසුනක් වශයෙන්, ඔවුන් එකිනෙකාගේ නිවෙස් වලට ගොස් හමුවී සෙල්ලම් කරති. සමහර විට දරුවන් වෙනත් දරුවන්ට ඔවුන්ගේ නිවෙස්වල නිදා ගැනීමට ද ආරාධනා කරයි. බොහෝ දරුවන් තම උපන්දිනය සමරන්නේ සාදයක් පැවැත්වීමේනි. ඒ සඳහා අනෙක් දරුවන්ට ආරාධනා කරයි. සාදය බොහෝ විට නිවසේ පවත්වන අතර කේක් කපා විනෝද ක්රීඩා වල නිරත වෙයි. එමෙන්ම දෙමව්පියන් දරුවන් සමඟ සහභාගී වන විනෝද චාරිකා ද තිබේ. .

පවුල තුළ ගැටළු, අර්බුද සහ ප්‍රචණ්ඩත්වය

පවුල් ජීවිතය සැමවිටම පහසු නැත. ඒ වගේම දරුවන් ඇති දැඩි කිරීම ඉතා වෙහෙසකර විය හැකියි. වැඩිවිය පැමිණීම, එනම් දරුවන් වැඩෙන විට, එය ද පහසු කාලයක් නොවේ. විවිධ අදහස්, ගැටුම් හෝ අනපේක්ෂිත ජීවන තත්වයන් ද පවුල තුළ රණ්ඩු සරුවල් හා අර්බුද වලට තුඩු දිය හැකිය. උපදේශන මධ්යස්ථාන ඔබට විසඳුමක් සොයා ගැනීමට උපකාරී වේ.

ඔබට පබාගේ පවුලෙන් කරදර සිදු වනවාද? කායික හෝ ලිංගික හිංසනයක් තිබේද? ඉක්මනට උදව් ගන්න. හදිසි ඇමතුම් අංක සහ උපදේශන මධ්යස්ථාන තිබේ.පසුබට නොවී ඉක්මනින් ඒ සඳහා යොමු වන්න. කාන්තාවන් සඳහා විශේෂ උපකාර දීමනා ද ඇත.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න