පුහුණුව

Werkbank mit Holz, wo zwei Personen ein Holz vermessen © Goethe-Institut

පුහුණුවේදී, ඔබ වෘත්තියක් ඉගෙන ගනී. විවිධ ආධුනිකත්ව පුහුණු ඇත, උදාහරණයක් ලෙස සුපවේදියෙකු ලෙස, විදුලි ඉංජිනේරුවෙකු ලෙස, හෙදියක් ලෙස, උද්යාන පාලකයෙකු ලෙස, අධ්යාපනඥයෙකු ලෙස.

වීසා, උපාධිය සහ පිටපත

ඔබට ජර්මනියේ ආධුනිකත්ව පුහුණුවක් කිරීමට අවශ්ය? ඔබ පැමිණියේ යුරෝපා සංගමයෙන් (EU) හෝ යුරෝපීය ආර්ථික ප්රදේශයෙන් (EEA) නොවේද? එසේ නම් ඔබට වීසා බලපත්රයක් අවශ්යවේ. ඔබට ඔබේ රටේ ජර්මානු තානාපති කාර්යාලයෙන් (හෝ කොන්සල් කාර්යාලයෙන්) වීසා බලපත්ර ලබා ගත හැකිය.

ඔබ ඔබේ පුහුණුව අවසන් කර තිබේද? බොහෝ සමාගම් දක්ෂ කම්කරුවන් සොයයි. ඔබට ඉල්ලුම් කළ හැකිය. රැකියාවක් සඳහා ඔබට බොහෝ විට සහතිකයක් අවශ්ය වේ. සහතිකය යනු ඔබේ අධ්යාපනය හෝ වෘත්තිය පිළිබඳ තොරතුරු සහිත නිල ලේඛනයකි. ඔබට ඔබේ මව් රටෙන් සහතික තිබේද? ඒවා පරිවර්තනය කර සහතික කර ගන්න. එවිට ඔබට වඩාත් පහසුවෙන් රැකියාවක් ලබා ගත හැකිය. “රැකියා සෙවීම” කොටසින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

ආධුනිකත්ව පුහුණුවක් සොයා ගැනීම

ඔබට බොහෝ සමාගම්වල මෙන්ම සෑම ප්රදේශයකම පාහේ ආධුනිකත්ව පුහුණුවක් කළ හැකිය. ආධුනිකත්ව පුහුණුවක් සඳහා, ඔබට අවම වශයෙන් ද්විතීයික පාසල් හැරයාමේ සහතිකයක් අවශ්ය වේ. ඇතැම් විටක ඔබට ද්විතීයික පාසල් ඩිප්ලෝමාවක් හෝ උසස් පාසැල් ඩිප්ලෝමාවක් ද අවශ්ය වේ. (බලන්: පාසල් පද්ධතිය කොටස). පාසැල් හැරයාමේ සහතිකයක් නොමැතිව, ආධුනිකත්ව පුහුණුවක් ලබා ගැනීම ඉතා අපහසුය. ඔබට ආධුනිකත්ව පුහුණුවක් මෙන්ම රැකියාවක් ද සොයාගත හැකිය. මේ සඳහා අයැදුම්පතක් පිරවීමට ද සිදු විය හැකිය. “රැකියා සෙවීම” කොටසෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

සෑම නගරයකම වෘත්තීය තොරතුරු මධ්යස්ථානයක් (BIZ) ද ඇත. එහි සේවකයින් ඔබට එහි උපදෙස් දෙන අතර ආධුනිකත්ව පුහුණුවක් සොයා ගැනීමට ඔබට උපකාර කරනු ඇත. ඔබට ඔබේ නගරයේ රැකියා නියෝජිතායතනය හරහා BIZ පිළිබඳ සොයාගත හැකිය.

ආධුනිකත්ව පුහුණු පාඨමාලාව

වෘත්තීය පුහුණු වර්ග 2 ක් ඇත: පාසල් පදනම් කරගත් පුහුණුව සහ ද්විත්ව පුහුණුව. පාසැල් පදනම් කරගත් වෘත්තීය පුහුණුව ලබා ගත හැක්කේ වෘත්තීය පාසලක පමණි. මෙය හැදෑරීම සඳහා, ඔබට පාසල් හැරයාමේ සහතිකයක් සහ සමහර විට සීමාවාසික පුහුණුව වැනි වෙනත් අත්දැකීම් ද අවශ්ය වේ.

ද්විත්ව වෘත්තීය පුහුණුව සමාගම් වෘත්තීය පුහුණුව ලෙස හැඳින්වේ. ජර්මනියේ, සාමාන්යයෙන් ද්විත්ව වෘත්තීය පුහුණුවක් ඇත. මෙහි ප්රායෝගික කොටසක් සහ න්යායාත්මක කොටසක් ඇත. ඔබ ප්රායෝගික පුහුණුව සමාගමක ලබා ගන්නා අතරතුර ඔබ වෘත්තීය පාසලකට ද යා යුතුය. ඔබ ඔබේ රැකියාව සඳහා අවශ්ය න්යායාත්මක දැනුම ලබා ගන්නේ මෙහිදීය. ඒ වගේම ඔබට ජර්මානු භාෂාව, දේශපාලනය හෝ ක්රීඩා වැනි විෂයයන් ඉගෙන ගත හැකිය.

සමාගම තුළ, ඔබට ප්රායෝගික පුහුණුව ලබා ගත හැකිය. ඔබ සමාගමේ සතියකට දින 3 සිට 4 දක්වා වැඩ කරන අතර සතියකට පැය 8 සිට 12 දක්වා වෘත්තීය පාසලේ ඉගෙන ගත යුතුය. නැතහොත් ඔබ සමාගමේ සති කිහිපයක් සහ වෘත්තීය පාසලේ සති කිහිපයක් ගත කළ යුතුය.

පුහුණුවේ පළමු භාගයෙන් පසු, ඔබ අතරමැදි විභාගයකට මුහුණ දිය යුතුය. පුහුණුවන්නන් පුහුණු කාලය තුළ ඉගෙන ගත්තේ මොනවා දැයි පෙන්විය යුතුය. පුහුණුව අවසානයේ දී, ඔබ අවසාන විභාගයට මුහුණ දෙයි. ඉන් පසු, පුහුණු සහතිකයක් ලැබේ. ඔබට පසුව රැකියාවක් සොයා ගැනීමට අවශ්ය නම් මෙය වැදගත් වේ. වැඩි විස්තර සඳහා, “රැකියා සෙවීම” කොටස බලන්න.

ආධුනිකත්ව පුහුණු කාල සීමාව

වෘත්තීය පුහුණුව සාමාන්යයෙන් අවුරුදු 2 සිට 3.5 දක්වා පවතී. එය වෘත්තිය මත මෙන්ම පාසැල් හැරයාමේ සහතිකය මත ද රඳා පවතී. Abitur සමඟ, පුහුණු කාලය සාමාන්යයෙන් කෙටි වේ. ආධුනිකත්ව පුහුණුවක දී, ඔබට වසරකට අවම වශයෙන් දින 24 ක් හෝ සති 4 ක නිවාඩුවක් ඇත. කෙසේ වෙතත්, මවය ලබා ගත හැක්කේ වෘත්තීය පාසලේ ද නිවාඩු කාලයක දී ය.

කෙටි කාලයක් තුළ ඉගෙන ගත හැකි වෘත්තීන් සඳහා ද ආධුනිකත්ව පුහුණු ඇත. උදාහරණයක් ලෙස ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය, ආහාර පාන හෝ රුපලාවන්ය යන ක්ෂේත්ර වල. මේවා බොහෝ දුරට පාසැල් පදනම් කරගත් වෘත්තීය පුහුණුවකි. පාසල් පදනම් කරගත් වෘත්තීය පුහුණුව අවුරුදු 1 සිට 3.5 දක්වා පවතී. ඔබේ නගරයේ රැකියා නියෝජිතායතනයෙන් වැඩි විස්තර දැන ගත හැකිය.

වැටුප්

ඔබ ජර්මනියේ ද්විත්ව ආධුනිකත්වයක් කරන්නේ නම්, ඔබට යම් මුදලක් ලැබෙනු ඇත. සේවායෝජකයා ඔබට වැටුපක් ගෙවයි. වෘත්තිය සහ ඔබ වැඩ කරන කලාපය අනුව වැටුප වෙනස් වේ. සාමාන්යයෙන් එක් එක් වසර පුහුණුව සම්පුර්ණ කිරීමෙන් පසු වැටුප වැඩි වේ. බොහෝ විට නිවාස කුලී ගෙවීම , ආහාර, විනෝදාංශ වැනි සියලු වියදම් සඳහා වැටුප ප්රමාණවත් නොවේ. කෙසේ වෙතත් මුල්ය ආධාර ඇත. උදාහරණයක් ලෙස BAFöG හෝ වෘත්තීය පුහුණු දීමනාව (BAB). ඔබේ නගරයේ රැකියා නියෝජිතායතනයෙන් මේ පිළිබඳව විමසන්න. පාසැල් පදනම් කරගත් වෘත්තීය පුහුණුව සඳහා ඔබට වැටුපක් නොලැබේ.ඇතැම් විට ඔබට පාසල් ගාස්තුවක් ද ගෙවීමට සිදු වේ.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න