රැකියා

Eingangsportal einer Agentur für Arbeit © Goethe-Institut

ඔබ ජර්මනියේ වැඩ කිරීමට කැමති නමුත් ඔබ පැමිණෙන්නේ යුරෝපා සංගමයෙන් හෝ යුරෝපීය ආර්ථික ප්රදේශයෙන් නොවේ ද?එසේ නම් ඔබට ජර්මනියේ රැකියාවක් කිරීමට බලපත්රය අවශ්ය වේ. ඔබගේ නේවාසික බලපත්රයේ පහත සඳහන් තොරතුරු අඩංගු වේ: ඔබට වැඩ කිරීමට අවසර තිබේද? ඔබට කොපමණ වැඩ කිරීමට අවසර තිබේද?

Audio-Player: Artikel anhören

Artikel anhören

Arbeitssuche

සහතිකපත් සහ ඒවායෙහි පිළිගැනීම

ඔබ ඔබේ මව් රටේ උපාධියක් තිබේද? එසේ නැත්නම් වෘත්තීය පුහුණුවක් සමග උපාධියක් තිබේද? එසේත් නැත්නම් පාසල හැරයාමේ සහතිකයක් තිබේද? ඔබ මෙම සහතික / ලේඛන පරිවර්තනය කර සහතික කර තිබිය යුතුය. නොතාරිස්කරණය යන්නෙන් අදහස් කරන්නේ: නිල අධිකාරියක් ඔබේ ලේඛන නිරවද්ය සහ අව්යාජ ලේඛන දැයි පරික්ශා කර බැලීමයි. ඔබේ මව් රටෙන්ම මෙය සිදු කර ගැනීම වඩාත් උචිතය. සමහර විට ඔබේ උපාධිය ජර්මනියේ වලංගු නොවිය හැකිය. ඔබට මෙය ඔබේ මව් රටේ දී ම පරික්ෂා කර බැලිය හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර වෙබ් අඩවියේ "ජර්මනියේ පිළිගැනීම" තුලින් සොයාගත හැකිය. කරුණාකර අපගේ තොරතුරු ග්රැෆික්ස් ද බලන්න.

ඔබ රැකියාවක් සොයනවාද?

බොහෝ රැකියා දැන්වීම් අන්තර්ජාලයෙන් සොයා ගත හැකිය. පහත වෙබ් අඩවි වලින් ඔබට රැකියා සොයා ගත හැකිය. එමෙන්ම රැකියා ද්වාරවලින් (job portal) හරහා නව රැකියා දැන්වීම් ඔබගේ විද්යුත් තැපැල් ලිපිනයට එනු ඇත. රැකියා ද්වාරය හරහා අයදුම්පත් යැවීමට ද ඔබට හැකිය. "Xing" සහ "LinkedIn" වෙබ් අඩවි තුළ ඔබගේ ජීව දත්ත පත්රිකාව ද සමග ගිණුමක් නිර්මාණය කළ හැකිය. එවිට සේවා යෝජකයින්ට ද ඔබගේ ජීව දත්ත පත්රිකාව දැකිය හැකිය. එමෙන්ම එහිදී ඔබට වෘත්තීය සහය ලබා ගත හැකි බොහෝ අවස්ථාව ද විවර වනු ඇත. එමෙන්ම ඔබට විවධ සමාගම් වල ඇති රැකියා පුරප්පාඩු මොනවාද යන්න ද සොයා ගැනීමට අවකාශය සැලසෙනු ඇත.

එමෙන්ම ඔබට සමාගමක රැකියා පුරප්පාඩු තිබේ දැයි කෙලින්ම විමසිය හැකිය. එමෙන්ම සාමාගම් වල වෙබ් අඩවි වලට රැකියා පුරප්පාඩු සම්බන්ධව තොරතුරු ඇතුළත් වේ. එමෙන්ම ඔබට අවශ්ය නම් සමාගම් වල රැකියා පුරප්පාඩු නොතිබුණද ඔබේ කැමැත්තෙන්ම ජීව දත්ත පත්රිකාවක් යැවිය හැකිය. සමාගම් වල සෑම පුරප්පාඩුවක්ම සෑම විටම පළ නොකෙරේ.

ඔබ ඔබේ සම්භවය ඇති රටේ රැකියාවක් සොයන්නේ නම්, ඔබට ජාත්යන්තර ස්ථානගත කිරීමේ සේවාව (ZAV) මගින් විමසිය හැකිය. ZAV මගින් විදේශයන් සඳහා නිපුණතා සහිත ශ්රමිකයන් සොයයි.

ඔබ දැනටමත් ජර්මනියේ සිටී නම්, ෆෙඩරල් රැකියා ඒජන්සියේ BiZ (වෘත්තීය තොරතුරු මධ්යස්ථානය) මගින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එහිදී ඔබට රැකියා දැන්වීම් මෙන්ම රැකියා පිළිබඳ තොරතුරු රාශියක් හමුවනු ඇත. ඔබ සමාගමක් කරනු ලබන සීමාවාසික පුහුණුව ද රැකියාවක් සොයා ගැනීමේදී ඔබට උදව් වනු ඇත. එමෙන්ම රැකියා, පිළිබඳව මෙන්ම නව සබඳතා ගොඩ ඟ ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත..

ඔබට රැකියා දැන්වීම් පුවත්පත් මගින් හෝ රැකියා නියෝජිතායතනය හරහා සොයාගත හැකිය. පුවත්පත් මගින් ඔබට සොයා ගත හැකි වන්නේ ඔබේ ප්රදේශයේ රැකියා පමණි.

වෘත්තීය මාර්ගෝපදේශනය

ඔබේ මව් රටේ, ජාත්යන්තර ස්ථානගත කිරීමේ සේවාව (ZAV) අමතන්න.

ජර්මනියේ සංක්රමණිකයන් සඳහා උපදේශන මධ්යස්ථාන රාශියක් ඇත. ඔවුන් ඔබට රැකියාවක් සොයා ගැනීමට සහ රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට ද උපකාරී වනු ඇත (ජර්මනියේ උපදේශන සේවා බලන්න). වයස අවුරුදු 27 දක්වා තරුණ තරුණියන් සඳහා තරුණ සංක්රමණික සේවාවලින් විශේෂ උපදෙස් ලැබේ. බොහෝ නගර සහ කලාපවල පිළිගැනීමේ මධ්යස්ථාන ඇත. ඔවුන් ජර්මානු හා ජාත්යන්තර නිපුණතා සහිත ශ්රමිකයන්ට මෙන්ම සමාගම්වලට ද උපදෙස් දෙයි. එහිදී ඔබට කලාපීය තොරතුරු ලබා ගත හැකි අතර රැකියාවක් සොයා ගැනීමට සහ ඔබගේ සුදුසුකම් ජර්මනියේ පිලිගන්නවා දැයි තහවුරු කර ගැනීමට ද උපකාරී වනු ඇත.

ඔබට කළ හැක්කේ කුමක්ද සහ ඔබට කුමක් කිරමට අවශ්ය ද යන්න ඔබට තවමත් ගැටළුවක් ද? එසේ නම් ඔබට BiZ (රැකියා නියෝජිතායතනයේ වෘත්තීය තොරතුරු මධ්යස්ථානය) වෘත්තීය උපදේශන සඳහා සහය ලබා ගත හැකිය. සමහර නගරවල සහ ප්රදේශ වල තරුණයන් සඳහා රැකියා උපදේශන මධ්යස්ථාන ද ඇත. ඔවුන් තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීමට උපකාර කරයි. ඔබට ෆෙඩරල් ප්රාන්තවල උපදේශන මධ්යස්ථාන පිළිබඳ තොරතුරු "make it in Germany" හි වැදගත් ලිපින කොටසෙන් සොයා ගත හැකිය.

අයදුම්පත

අයදුම්පතක් යැවීම රැකියාවක් ලබා ගැනීමේ දී කළ යුතු පළමු කාර්යයි. අයදුම්පත සමග යැවිය යුතු ලේඛන ඉතා වැදගත් වේ. ඔබට ආවරණ ලිපියක් (සමාගමට ලිපියක්), ජීව දත්ත පත්රිකාවක් (අවශ්ය නම් පමණක් ඡායාරූපයක් දැමිය හැකිය) සහ ඔබේ සහතික (ජර්මානු භාෂාවෙන්) අවශ්ය වනු ඇත. BiZ මගින් ජර්මනියේ දී ඔබ අයදුම්පත් යැවිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධව වැඩමුළු ඉදිරිපත් කරයි. මෙහිදී ඔබ අයදුම්පතක් නිර්මාණය කර ගන්නේ කෙසේද පරීක්ෂණයසඳහා සූදානම් වන්නේ කෙසේද යන්න ඔබට ඉගෙන ගත හැකිය . බොහෝ සේවා යෝජකයින්ට ඩිජිටල් ස්වරූපයෙන් අයදුම්පත් කැඳවනු ලබයි. උදාහරණ: විද්යුත් තැපෑල හෝ රැකියා ද්වාරයක් හරහා.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න