ජංගම දුරකථනය සහ අන්තර්ජාලය

ඔබට දුරකථන ඇමතුම් ලබා ගැනීමට, අන්තර්ජාලයේ සැරිසැරීමට, චැට් කිරීමට සහ කෙටි පණිවිඩ යැවීමට අවශ්ය ද? එසේ නම් ඔබට ජංගම දුරකථන සේවා සැපයුම්කරුවෙකු අවශ්යයි. ජර්මනියේ බොහෝ ජංගම දුරකථන සේවා සපයන්නන් සිටී. ඔබට පෙරගෙවුම් සිම් පතක් හෝ පසු ගෙවුම් සිම් පතක් ඔබගේ අවශ්යතාවයට ගැළපෙන පරිදි තෝරා ගැනීමේ හැකියාව ඇත.

Audio-Player: Artikel anhören

Artikel anhören

Handy und Internet

Person bedient ein Smartphone © Goethe-Institut/ Gina Bolle

දුරකථන සේවා සැපයුම්කරුවන් සහ ගාස්තු

මසකට නියමිත මුදලක් ගෙවා ලබා ගත හැකි දුරකථන පැකේජ තිබේ. එහිදී ඔබට අදාළ මුදල ගෙවා අසීමිත ඇමතුම් සහ කෙටි පණිවුඩ ලබා ගත හැකිය. එමෙන්ම ඔබ ගන්නා සෑම ඇමතුමකටම, කෙටි පණිවිඩයකටම සහ ඔබ ලබා ගන්නා අන්තර්ජාල සේවාවන් සඳහා පමණක් වැය වන මුදල් ගෙවීමට හැකි පැකේජ ද ඇත. එසේම නිශ්චිත දත්ත ප්රමාණයකට සීමා කරන ලද පැකේජ ද ඇත. එම සීමාව තුළ පමණක් ඔබට අන්තර්ජාලයේ සැරිසැරීමට දත්ත හිමි වන අතර අමතරව ඔබ භාවිත කරන දත්ත සංධා අමතර මුදලක් ගෙවිම්මට සිදු වේ. ඇතැම් විට ඔබට නියමිත පැකේජය අවසන් වන විට ස්වයංක්රීයව ම නව පැකේජයක් ක්රියාත්මක වනු ඇත. ඔබට එය අමතර මුදලක් වැය වේ. එය ඔබට විසඳි කළ හැකිය. එවිට ඔබ අමතර මුදලක් ගෙවීමට අවශ්ය නොවනු ඇත. ඔබට අවශ්ය නම් පමණක් නව පැකේජයක් ක්රියාත්මක කළ කර අමතර දත්ත ලබා ගත හැකිය.

විවිධ දීමනා සංසන්දනය කරන්න. ඔබට සංසන්දනාත්මක ද්වාර වලින්මෙය කළ හැකිය, උදාහරණයක් ලෙස:
 

ජාත්‍යන්තර ඇමතුම්

ඔබට ජර්මනියේ සිට ජාත්යන්තර ඇමතුම් ලබා ගැනීමට අවශ්ය ද? මෙය ලෑන්ඩ්ලයින් දුරකථනය හෝ ජංගම දුරකථනය හරහා ඉතා මිල අධික විය හැකිය. වට්ස්ඇප්, ස්කයිප් හෝ ඒ හා සමාන සේවාවන් භාවිතා කිරීම වඩාත් සුදුසුය. මෙය ඔබට අන්තර්ජාලය හරහා ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසන අතර අමතර දුරකථන පිරිවැයක් නොමැත. එමෙන්ම ඔබට දුරකථන කාඩ්පත් හෝ පෙරගෙවුම් කාඩ්පත් සමඟ විදේශයන්හි ඇමතුම් ලබා ගත හැකිය. මෙය සංවාද ලාභදායී කරයි. ඔබට මෙම කාඩ්පත් සුපිරි වෙළඳසැල් හෝ වෙනත් වෙළඳසැල්වලින් ලබා ගත හැකිය.

ඔබ විදේශයන්හි බොහෝ කාලයක් ගත කරන අයෙක්ද? ඔබට ඔබේ ජර්මානු සිම් පතෙන් ඇමතුම් ගැනීමට හෝ අන්තර්ජාලය භාවිතා කිරීමට අවශ්යද? යුරෝපා සංගමය, නෝර්වේ, අයිස්ලන්තය සහ ලිච්ටෙන්ස්ටයින් තුළ ඔබට අමතර පිරිවැයක් නොමැතිව ඇමතුම් ලබා ගත හැකිය. නමුත් වෙනත් රටවල දී එය මිල අධික විය හැකිය. කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ අන්තර්ජාලය සඳහා රෝමිං ගාස්තු කෙරෙහි අවධානය යොමු කරන්න. පිරිවැය ගැන කලින් සොයා බලන්න. ඔබට විදේශයන්හි දී දත්ත ක්රියාවිරහිත කළ හැකි අතර Wi-Fi හරහා අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකිය.

විශේෂ ජාත්යන්තර අනුපාත ද ඇත. ජංගම දුරකථන සේවා සපයන්නන්ගෙන් වැඩි විස්තර දැන ගන්න.

ජංගම දුරකථන සේවා ගිවිසුම

ඔබට ජංගම දුරකථන සේවා සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුමක් ඇති කර ගත හැකිය. මේ පිළිබඳව වෙළඳසැලකට ගොස් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. අවවාදයයි: ඔබට නොතේරෙන ගිවිසුමක් කිසිදු විටක අත්සන් නොකරන්න. ගිවිසුම ඉතා හොඳින් කියවන්න. පරිවර්තන සඳහා උදව් ලබා ගන්න. ඔබට වෙබ් අඩවියෙන් ද ගිවිසුමක් ලබා ගෙන එය අත්සන් කර සේවා සැපයුම්කරු වෙත යැවිය හැකිය. සාමාන්යයෙන් සැපයුම්කරුට ඔබේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්රය සහ ලියාපදිංචි සහතිකය බැලීමට අවශ්ය වනු ඇත.

ජංගම දුරකථන ගිවිසුම සාමාන්යයෙන් අවරුදු 1 සිට 2 දක්වා කාලයක් වලංගු වේ. ගිවිසුම කලින් අවසන් කිරීම බොහෝ විට කළ නොහැකිය. සාමාන්යයෙන් මාසය අවසානයේ දී බිල ගෙවිය යුතුය. ඔබගේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මාසයක දැනුම්දීමකින් අනතුරුව ඔබට ගිවිසුම අවලංගු කළ හැකිය.

පෙර ගෙවුම් සිම්පත්

තවත් විකල්පයක් වන්නේ පෙරගෙවුම් සිම් කාඩ්පතයි. කාඩ්පත් බොහෝ විට සුපිරි වෙළඳසැල්වල, ගෑස් පිරවුම්හල් වලින් සුළු මුදලකට මිලදී ගත හැකිය.

ඔබ පෙරගෙවුම් සිම් කාඩ්පත කෙලින්ම ජංගම දුරකථන සේවා සැපයුම්කරුගෙන් මිලදී ගත්තාද? එසේනම් ඔබට එහිදී ම කාඩ්පත සක්රීය කළ හැකිය. මේ සඳහා ඔබගේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්රය අවශ්ය වනු ඇත. සමහර විට ඔබේ නේවාසික බලපත්ර ද අවශ්ය වනු ඇත.ඔබ සුපර් මාකට් එකකින් පෙරගෙවුම් සිම් පත මිලදී ගත්තාද? එසේ නම් ඔබේ අනන්යතාවය තහවුරු කිරීම වීඩියෝ මගින් හෝ තැපැල් හලක් මගින් කළ හැකිය.

ඔබේ දුරකථනයට මුදල් දමා ගැනීමට අවශ්යද? එසේ නම් ඔබට සුපිරි වෙළඳසැලේ වලින් රිචාර්ජ් කාඩ්පත්මිලට ගෙන එහි අංකය ජංගම දුරකථනයට ඇතුලත් කළ යුතුය. ඇතැම් විට දුරකථන සේවාවට අදාළ ඇප් එකක් හරහා මුදල් දැමීම සිදු කළ හැකිය.

රැහැන් රහිතව

ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට අවශ්යද? කැෆේ, පුස්තකාල හෝ වෙනත් පොදු ගොඩනැගිලිවල බොහෝ විට නොමිලේ Wi-Fi ඇත. ඔබේ ප්රදේශයේ Wi-Fi ජාල පෙන්වන වෙබ් අඩවි අන්තර්ජාලයේ ඇත. අවධානය: මෙම Wi-Fi ජාල බොහොමයක් සංකේතනය කර නොමැත. එමනිසාවෙනත් පුද්ගලයින්ට ඔබේ පෞද්ගලික තොරතුරු බැලීමට හැකි වනු ඇත.

නිවසේ දී අන්තර්ජාල

ඔබේ නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා විවිධ විකල්ප සහ ගාස්තු තිබේ. මෙහිදී ඔබ සලකා බැලිය කරුණු: ඔබට අවශ්ය වන්නේ කුමක්ද? ඔබට අවශ්ය අන්තර්ජාලය හෝ ලෑන්ඩ්ලයින් දුරකථනයක් පමණක්ද? ඔබ බොහෝ වෙලාවක් අන්තර්ජාලයේ සැරිසරන නමුත් චිත්රපටි නැරඹීම හෝ සංගීතයට සවන් දීම සඳහා ගත කරන්නේ කෙටි වෙලාවක් පමණක්ද? එවිට අන්තර්ජාල සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම ඉතා වේගවත් විය යුතු නැත. ඔබ එකවර උපාංග කිහිපයක් භාවිතා කරනවාද? ඔබ නිවසේ සිට ඔබේ ලැප්ටොප් පරිගණකයේ වැඩ කරනවාද? උසස් තත්ත්වයේ චිත්රපට රාශියක් නරඹනවාද? නැතහොත් ඔබේ පවුලේ අය සමඟ වීඩියෝ ඇමතුම් රාශියක් ගන්නවාද? එසේ නම් ඔබට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්ය වනු ඇත.

Prüfen Sie die verschiedenen Angebote auf einem Vergleichsportal: ඔබට අන්තර්ජාල සේවා සැපයුම්කරු සමඟ ඇති ගිවිසුමක් අවසන් කළ හැකිය. මෙහිදී පෙරගෙවුම් පහසුකම නොමැත. ගිවිසුම හොඳින් කියවන්න. එහි අඩංගු සියළු කරුණු ඔබට වැටහේ නම් පමණක් අත්සන් කරන්න. අවධානය යොමු කළ යුතු කරුණු: සමහර විට මාසික ගාස්තුව ආරම්භයේ දී ලාභදායී වේ. මාස කිහිපයකට පසු, වැඩි වියදමක් දැරීමට සිදු වේ. ගිවිසුම් සාමන්යයෙන් මාස 12 සිට 24 දක්වා කාලයක් සඳහා පවතී. දැනුම්දීමේ කාල පරිච්ඡේදය බොහෝ විට ජංගම දුරකථන ගිවිසුමකට සමාන වේ.

නිතර අසනු ලබා ප්‍රශ්න

අපව අනුගමනය කරන්න