ජර්මනියේ, ඕනෑම අයෙකුට තමන් කැමති ආගමක් තෝරා ගැනීමට සහ ඇදහීමට නිදහස ඇත. ජර්මනියේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ නිල වශයෙන් ආගමක් නැත. බොහෝ ජර්මානුවන් ක්රිස්තියානි ආගම අදහයි. ඔවුන් රෝමානු කතෝලික හෝ රෙපරමාදු ය. නත්තල් හෝ පාස්කු වැනි බොහෝ ක්රිස්තියානි නිවාඩු දින රජයේ නිවාඩු දින වේ. මෙයින් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට මේ දිනවල වැඩ කිරීමට අවශ්ය නොවන බවයි. නමුත් ජර්මනියේ ජීවත් වන වෙනත් ආගම් අදහන බොහෝ පිරිසක් ද ඇත.
පාසල්වල රෙපරමාදු සහ කතෝලික ආගම උගන්වයි. සමහර පාසල්වල ක්රිස්තියානු ආගම, යුදෙව් සහ ඉස්ලාමීය ආගම් ද උගන්වයි. තම දරුවා ආගමික අධ්යාපනයට යොමු විය යුතුද යන්න දෙමව්පියන්ට තීරණය කළ හැකිය.
ජර්මනියේ මිනිසුන්ට ඔවුන්ගේ ලිංගික දිශානතිය අනුව නිදහසේ ජීවත් විය හැකිය. මෙයින් අදහස් කරන්නේ සමලිංගිකත්වය, ද්විලිංගිකත්වය, සංක්රාන්ති ලිංගිකත්වය සහ අන්තර් ලිංගිකත්වය විෂමලිංගිකත්වය එදිනෙදා ජීවිතයේ කොටසක් බවයි. මෙහිදී LGBTQ ව්යාපාරය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙය සමලිංගික, ද්විලිංගිකයන්, සංක්රාන්ති ලිංගික ප්රජාවගේ එකතුවෙන් සෑදුනු ව්යාප්රයකි. ඔවුන්ගේ අයිතිවාසිකම් ජර්මනියේ දී සුරක්ෂිත වේ.. LGBTQ ව්යාපාරයේ සංකේතයක් වන්නේ දේදුනු ධජයයි.
2017 ඔක්තෝම්බර් 1 සිට, සමලිංගිකයන්ට, එනම් පිරිමියෙකුට සහ පිරිමියෙකු සමග හෝ කාන්තාවකට සහ කාන්තාවක් සමග ජර්මනියේ විවාහ විය හැකිය. ඔබට සමාන අයිතිවාසිකම් සහ බැඳීම් ඇත. මෙයින් අදහස් කරන්නේ, ඔවුන්ට දරුවන් දරුකමට හදා ගැනීමට අවසර ඇති බවයි. එමෙන්ම ඔවුන් තම සහකරුගේ නම ගත හැකිය.
අයිතිවාසිකම්වලට ගරු නොකරන්නේ නම්, එය සමහර අවස්ථාවලදී වෙනස් කොට සැලකීමක් විය හැකිය. "
වෙනස් කොට සැලකීම සමඟ කටයුතු කිරීම" කොටස කියවන්න.