Ein Kellner steht an der Bar in einem Restaurant und trocknet Gläser ab. © Goethe-Institut

වැඩ ඇරඹීට වැදගත් ලියවිලි

ඔබට ජර්මනියේ වැඩ කිරීමට බලපත්‍රයක් ලැබී ඇත්නම් ඔබ සේවා නියුක්තිකයෙකි. ඔබගේ සේවායෝජකයා හට වැදගත් වන ලියවිලි රාශියක් ඔබ විසින් ලබා දිය යුතුය . පළමුව ඔබට සෞඛ්‍ය රක්ෂණයක් ඇති බව ඔප්පු කළ යුතුය . ඔබට සෞඛ්‍ය රක්ෂණ සමාගමකින් එය ලබා ගත හැක . ජර්මනියේ සෑම තැනැත්තෙකුම සෞඛ්‍ය රක්ෂණයක් ලබා තිබිය යුතුය. සාමාන්‍යයෙන් ඔබට ජාතික රක්ෂණ කාඩ් පතක් ද තිබීම අවශ්‍ය වේ .

රක්ෂණය හා බදු

සේවා නියුක්තිකයෙකු වශයෙන් ඔබට විශ්‍රාම රක්ෂණයක් සහ විරැකියා රක්ෂණයක් ද තිබිය යුතුය. ඒ වෙනුවෙන් ඔබ කිසිවක් කිරීම අවශ්‍ය නොවේ. මක්නිසාදයත් එකී රක්ෂණ යෝජනා ක්‍රම ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන බැවිනි .

එකී රක්ෂණ වාරික වලින් කොටසක් සේවා යෝජකයාගෙන් ද ඉතිරිය ඔබගේ වැටුපෙන් ද ස්වයංක්‍රීයවම බැර වේ. එමෙන්ම ඔබ වෙනුවෙන් අදායම් බදු අංකයක් සහ ඉලක්ට්‍රෝනික අදායම් බදු කාඩ් පතක් නිකුත් කෙරෙනු ඇත . ඔබගේ අදායම් බදු ස්වයංක්‍රීය ලෙසට ඔබගේ වැටුපෙන් කැපෙනු ඇත .

සේවා නියුක්ති ගිවිසුම

සෑම සේවා නියුක්තියෙකුම සේවා ගිවිසුමකට අයත් වේ. ඔබ සහ ඔබේ සේවායෝජකයා ගිවිසුමේ පාර්ශ්වකරුවන් වේ. සේවා ගිවිසුම අත්සන් කිරීමට පෙරාතුව එය හොඳින් කියවා බලන ලෙස අවවාද කරනු ලැබේ. එකී සේවා ගිවිසුමේ කොන්දේසි ඔබට නොතේරේ නම් වැඩිහිටි අගාමිකයන් සඳහා සංක්‍රමණික උපදෙස් (MBE ) ආයතනයෙන් හෝ ඔබ වයස අවුරුදු 27 ට අඩු තැනැත්තෙකු නම් ලා බාල ආගාමිකයන් සංක්‍රමණික සේවා ( young migration services JMD ) වෙත ද යොමු විය යුතු ය. ඔබ සහ සේවායෝජකයා යන දෙදෙනාම මෙම නීති පිළිපැදීමට බැඳේ.

සේවකයෙකු වශයෙන් ඔබ කොතරම් වේතනයක් ලබන්නේ ද? ඔබට හිමි නිවාඩු ප්‍රමාණය සහ ඔබ අසනීප විට කුමක් කළ යුතු ද? ආදී බොහෝ තොරතුරු ඉදිරියට සලකා බලමු.

සාමාන්‍යයෙන් නව රැකියාවකට පත් වූ විගස ඔබ පිරික්සුම් (trial ) කාලයකට යටත් කෙරේ. මෙම කාලය රැකියාවෙන් රැකියාවට වෙනස් වේ. ඇතැම් විට එය සති කීපයක් හෝ මාස 6 ක් දක්වා විය හැක. මෙම කාලය තුළදී ඔබ සේවා යෝජකයාගේ සමීප නිරීක්ෂණයට භාජනය වේ . ඔබ ඉදිරියටත් සමාගමේ රැදී සිටිය යුතුද යන්න තීරණය වන්නේ මෙම පිරික්ක්සුම් කාලයෙන් (trial ) කාලයෙන් පසුවය

සුළු රැකියා (minijobs )

ජර්මනියේ සුළු රැකියා හෙවත් “යුරෝ 520 රැකියා”ද පවතී. එහි තේරුම මසකට යුරෝ 520 ක් පමණක් උපයා ගත හැකි රැකියා වීමයි. ඒවායේ දී ඔබට ස්වයංක්‍රීය ලෙසම සෞඛ්‍ය රක්ෂණය හා විශ්‍රාම රක්ෂණය හිමි වන අතර ඒවාට සේවා යෝජකයා පමණක් දායකත්වය දක්වයි. ඔබගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. එහෙත් ඔබට විරැකියා රක්ෂණය හිමි නොවේ .

Eine Kellnerin in einem Restaurant stellt Stühle auf die Tische. © Goethe-Institut

 ස්වයං රැකියා

ඔබ ඔබේම රැකියාවක නියුක්තද?  එවිට ඔබ යටත් සේවකයකු නොවේ. එහෙත් ඔබම ඔබේ සෞඛ්‍ය රක්ෂණ දායකත්වය ලබා ගත යුතුය. විශ්‍රාම රක්ෂණ දායකත්වයක් ලබා ගැනීමද කදිම අදහසකි. ස්වයං රැකියාවේ නියුක්ත කාර්මික ශිල්පීන් හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීන් වැනි රැකියවන්හිදී විශ්‍රාම රක්ෂණය අනිවාර්ය වේ, ඔබ අදායම් බදු කාර්යාලයට ගොස් අදායම් බදු අංකයක් සඳහා ඉල්ලුම් කළ යුතුය. බදු නිලධාරීන්ට ඔබගේ ඇස්තමේන්තු කළ වාර්ශික අදායම දැනගැනීමට අවශ්‍ය වේ. එමගින් ඔබ කොතරම් මුදලක් බදු වශයෙන් ගෙවිය යුතු දැයි තීරණය කරනු ඇත.

බැංකු ගිණුම ඔස්සේ එකී බදු මුදල ගෙවීමට පුළුවන. ඔබට ඔබේම සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතුය. උදාහරණ වශයෙන් ඔබට සාප්පුවක් හෝ අවන්හලක් ඇරඹීමට අවැසි නම් ඊට පෙරකී බලපත්‍රය ලබා ගත යුතුය.


Eine Frau sitzt an einem Tisch in ihrer Wohnung und arbeitet am Laptop. © Goethe-Institut

Video International Sign

නිතර ඇසෙන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා