ඉගෙන ගැනීම

Hörsaal mit Dozent und Studierenden © Goethe-Institut

ඔබට ජර්මනියේ අධ්යාපනය ලැබීමට අවශ්යද? එසේ නම් ඔබට විශ්ව විද්යාල ප්රවේශ සුදුසුකමක් (HZB) අවශ්ය වේ. මෙය ජර්මානු විශ්ව විද්යාලයක අධ්යාපනය ලැබීමට ඔබට ඉඩ සලසන පාසල් හැරයාමේ සහතිකයකි.

වීසා, උපාධිය සහ අනුපත

ඔබට ජර්මනියේ ඉගෙන ගැනීමට අවශ්ය? එසේ නම් ඔබ විශ්ව විද්යාල ප්රවේශ සුදුසුකම් (HZB) ලබා ගත යුතුය. එය පාසල් හැර යාමේ සහතිකයකි. මෙය ඔබට ජර්මානු විශ්ව විද්යාලයක ඉගෙනීමට මාර්ගය විවර කරයි. ඔබ යුරෝපා සංගමය (EU) හෝ යුරෝපීය ආර්ථික ප්රදේශයේ (EEA) නොවේ නම්, ඔබට වීසා බලපත්රයක් ද අවශ්ය වනු ඇත. ඔබට ඔබේ රටේ ජර්මානු තානාපති කාර්යාලයෙන්(හෝ කොන්සල් කාර්යාලයෙන්) වීසා බලපත්රයක් ලබා ගත හැකිය. ජර්මනියේ දී අධ්යාපනය ලැබීමට ප්රමාණවත් මුදල් ඔබට ඇති බවද ඔබ විසින් තහවුරු කළ යුතුය. එමෙන්ම ඔබ සෞඛ්ය රක්ෂණාවරණයක් ද ලබා ගත යුතුය.

ඔබ උපාධිධාරියෙක් ද?එසේ නම් ඔබට ජර්මනිය තුළ ඉතා හොඳ අවස්ථාවන් රැසක් තිබේ. ඔබේ උපාධි සහතිකය පර්වර්තනය කර එය සහතික කර ගන්න. වැඩ බලපත්රයක් (work permit) සඳහා ඔබට අවශ්ය වන්නේ මෙයයි. වැඩිදුර තොරතුරු සඳහා “රැකියා සෙවීම” කොටස බලන්න.

විශ්ව විද්‍යාල සහ අධ්‍යන පාඨමාලාව

ජර්මනියේ රාජ්ය හා පෞද්ගලික විශ්ව විද්යාල රාශියක් තිබේ. Abitur සමත් ව හෝ වෙනත් විශ්ව වවිද්යාල ප්රවේශ සුදුසුකමක් සම්පුර්ණ කර ඔබට විශ්ව විද්යාලයක හෝ වෘත්තීය පුහුණු විශ්ව විද්යාලයක අධ්යාපනය ලැබිය හැකිය. වෘත්තීය පුහුණුව සමග ඔබට වෘත්තීය පුහුණු විශ්ව විද්යාලයකට යා හැකි අතර ඔබට එහිදී හැදෑරිය හැක්කේ ඇතැම් විෂයයන් පමණකි. වෘත්තීය පුහුණු විශ්ව විද්යාලයකදී ඔබට සාමාන්ය විශ්ව විද්යාලයකට වඩා හොඳ පුහුණුවක් ලබා ගත හැකිය.

ජර්මානු විශ්ව විද්යාල වලින් ඔබට උපාධි 3 ක් ලබා ගත හැකිය:
  • ශාස්ත්රවේදී උපාධිය
  • ශාස්ත්රපති උපාධිය
  • රජයේ විභාග
ජර්මනියේ දී ඔබට අධ්යන පාඨමාලා 20,000 ක් පමණ ඉගන ගත හැකිය. එමෙන්ම ඔබට විවිධ ක්ෂේත්ර ඉගෙන ගත හැකිය. ජාත්යන්තර උපාධි වැඩසටහන් ද ඇත. උදා: ඔබ අධ්යයන පාඨමාලාවක් හෝ විශ්ව විද්යාලයක් සොයනවාදඉංග්රීසි ? අන්තර්ජාලයේ “ ජර්මනියේ ඉගෙනීම” ලෙස සොයන්න. එවිට ඔබට මේ පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් සොයා ගත හැකිය.

සෑම විශ්ව විද්යාලයක ම පාහේ ජාත්යන්තර කාර්යාලයක් (AAA) ඇත. මෙහිදී ඔබට ජර්මනියේ අධ්යාපනය ලැබීම පිළිබඳව අවශ්ය තොරතුරු දැනගත හැකිය.

ජර්මානු විශ්ව විද්යාල වල ද්විත්ව අධ්යාපන පාඨමාලා ද ඇත. මෙහිදී ඔබ විශ්ව විද්යාලයක අධ්යාපනය ලබන අතරතුර සමාගමක් තුළ ප්රායෝගික පුහුණුවක් ද ලැබිය හැකිය. මෙහිදී ඔබට සමාගමෙන් වැටුපක් ද හිමි වේ.

අවශ්‍යතා

උපාධියක් හැදෑරීම සඳහා ඔබට සඳහා ඔබට පාසල් හැරයාමේ සහතිකය අවශ්ය වේ. ඔබට උසස් අධ්යාපන ප්රවේශය ලැබීමට හෝ කාර්මික විද්යාල ප්රවේශ සුදුසුකම් ලැබීමට ඔබට පාසල් හැරයාමේ සහතිකය අවශ්ය වේ. ශාස්ත්රපති උපාධිය යනු උසස් උපාධියකි. ඔබට දැනටමත් ශාස්ත්රපති උපාධියක් තිබේ නම් ඔබට ශාස්ත්රවේදී උපාධියක් කළ හැකිය. රජයේ විභාග වලට මුහුණ දිය යුතු වන්නේ ඇතැම් පාඨමාලා හැදෑරීම සඳහා පමණි. එනම් වෛද්ය විද්යාව, නීතිය, ඖෂධවේදය, ආහාර රසායන විද්යාව සහ සමහර ෆෙඩරල් ප්රාන්ත ගුරු පුහුණුව වැනි විෂයන් හැදෑරීමට නම් ඔබ රජයේ විභාගයකට මුහුණ දීය යුතුය.

ඔබට විදේශීය උපාධි තිබේ නම් එය ජර්මනියේ අධ්යාපනය සඳහා මූලික සුදුසුකමක් ලෙස ප්රමාණවත් දැයි විශ්ව විද්යාලය විසින් තීරණය කළ යුතු වේ. මේ සම්බන්ධව ඔබගේ විශ්ව විද්යාලයේ ජාත්යන්තර කාර්යාලය ඇමතීමෙන් ඔබට වැඩි විස්තර දැනගත හැකිය. ඔබ ඉගෙන ගත යුත්තේ කොතන දැයි ඔබ තවම දන්නේ නැද්ද? බොහෝ විශ්ව විද්යාල වල ඇති “uni-assist” සේවාව මේ සඳහා ඔබට උපාක්රි වනනු ඇත. ඔබේ සහතික ජර්මනියේ විශ්ව විද්යාලයක අධ්යාපනය ලැබීමට ප්රමාණවත් දැයි එහිදී ඔබට දැනගත හැකිය. www.uni-assist.de සහ​​​​​​​ www.anabin.de හරහා ද මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. කෙසේ වෙතත්, මේ පිළිබඳ අවසාන තීරණය විශ්ව විද්යාලය සතුය.

ජර්මානු විශ්ව විද්යාලවල (වෘත්තීය පුහුණු විශ්ව විද්යාල සහ විශ්ව විද්යාල), සිසුන්ට ජර්මානු භාෂාව ඉතා හොඳින් කතා කිරීමට හැකි විය යුතුය. ජර්මානු භාෂාව ඔබේ මව් භාෂාව නොවේ නම්, ඔබට මනා ජර්මානු භාෂා කුසලතාවයක් ඇති බව තහවුරු කළ යුතුය. බොහෝ විට, ඔබට "විශ්ව විද්යාල ප්රවේශය සඳහා ජර්මානු භාෂා විභාගය" (DSH) හෝ TestDaF සඳහා මුහුණ දීය යුතු වේ. ඇතැම් උපාධි හැදෑරීම සඳහා ඔබට හොඳ GPA අගයක් තිබිය යුතු වේ. මේ පිළිබඳ වැඩි විස්තර අදාළ විශ්ව විද්යාලයෙන් දැනගත හැකිය.

ඇතැම් ජර්මානු විශ්ව විද්යාල වල ප්රවේශය ලබා ගැනීම සඳහා පාසල හැරයාමේ සහතිකය ප්රමාණවත් නොවේ. මේ සඳහා ඔබ මූලික පාසලකට (preparatory school) ඇතුළත් විය යුතු අතර ඒ සඳහා ඔබ ප්රවේශ විභාගයකට මුහුණ දීය යුතුය. ඒ සඳහා ඔබට B1 මට්ටමේ ජර්මානු භාෂාව පිළිබඳ දැනුමක් අවශ්ය වේ.මූලික පාසල අවසානයේ දී ඔබට ඇගයීම් පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. මූලික පාසල සාමාන්යයෙන් අධ්යන වාර දෙකින් සමන්විත වේ. ඇතැම් විට ඊට අඩු වීමට ද හැකිය. මෙහිදී පාඩම් ඉගැන්වීම නොමිලේ සිදු කරන නමුත් ඔබට අධ්යන වාර සඳහා ගාස්තුවක් ගෙවීමට සිදු වනු ඇත. ගාස්තුවක් ගෙවයි.

බොහෝ අවස්ථාවන්හීදී, උපාධි වැඩසටහන් සඳහා අයදුම් කිරීමේ කාල සීමාවන් ඇත. එමනිසා, ඔබට ජර්මනියේ ඉගෙනීමට බලාපොරොත්තු නම් කලින් ඒ සොයා ගන්න.

අධ්‍යන පාඨමාලාවක කාර්ය පටිපාටිය සහ කාලසීමාව

ජර්මානු විශ්ව විද්යාලයක අධ්යන වර්ෂයක් සාමාන්යයෙන් අධ්යන වාර 2 කින් සමන්විත වේ. එනම්, ශීත අධ්යන වාරය සහ ගිම්හාන අධ්යන වාරය ලෙස. එක් අධ්යන වාරයක් මාස 06ක් පමණ කාලයක් පුරා පැවති. එක් අධ්යන වාරයකින් පසුව ඔබට මාස 2.5 ක පමණ විවේකයක් ද හිමි වනු ඇත. සාමාන්යයෙන් ගිම්හාන අධ්යන වාර විවේකය දිගු වේ. වාර විවේකය තුළ දේශන හෝ සම්මන්ත්රණ නොමැත. එයින් පසුව සිසුන්ට බොහෝ විට විභාග තිබේ. මේ කාලයේදී සිසුන් වාර ලිපි ලිවීම හෝ සීමාවාසික පුහුණුව ආදිය සිදු කරයි. බොහෝ අධ්යන පාඨමාලා ආරම්භ වන්නේ ශීත ඍතුවේ අධ්යන වාරයේ දී ය.

අධ්යන පාඨමාලාවක් කොපමණ කාලයක් පවතීද යන්න නිශ්චිත නොවේ. එය රඳා පවතින්නේ ඔබ කුමන අධ්යන පාඨමාලාවක් හදාරන්නේ සහ ඔබ විභාග සමත් ද යන්න මතය. උපාධිය සම්පුර්ණ කිරීමට ඔබ අධ්යන වාර 6 සිට 8 දක්වා ප්රමාණයක් ඉගෙන ගත වේ. තවත් අධ්යන වාර 2 සිට 4 ට පසු, ඔබට ශාස්ත්රපති උපාධිය කළ හැකිය. අධ්යන පාඨමාලාවක් අවසානයේ, ඔබ නිබන්ධනයක් . සමහර වෙලිවිය යුතුවේ. බොහෝ විට ඔබට ප්රයෝගික පුහුණුවක් ද ලැබීමට සිදු වනු ඇත. ඔබට රජයේ විභාගයකට මුහුණ දීමට කොපමණ කාලයක් ගත වෙද යන්න අධ්යන පාඨමාලාව මත පදනම් වේ.

අධ්යන පාඨමාලාවක විවිධ අන්තර්ගතයන් ඇත. බොහෝවිට දේශන සහ සම්මන්ත්රණ පැවැත්වේ. දේශනයකදී, විශාල ශාලාවකබොහෝ සිසුන් ප්රමාණයක් සිටින අතර ගුරුවරයා යම් මාතෘකාවක් පිළිබඳ පැහැදිලි කරයි. සිසුන් ඇහුම්කන් දී අවශ්ය දෑ සටහන් කරයි. සම්මන්ත්රණයක් සඳහා සහභාගී වන සිසුන් ප්රමාණය අඩු වන අතර සිසුන් අඩු වන අතර එය දේශනයකට වඩා ක්රියාකාරී වේ.

පිරිවැය

දේශන ගාස්තු ගෙඩරල් රජයන් රජයට වෙනස් වේ. සාමාන්යය උපාධි සහ ශාස්ත්රපති උපාධි පාඨමාලා රජයේ විශ්ව විද්යාල වල නොමිලේ උගන්වයි. රීතියක් ලෙස, සිසුන් අධ්යන වාරයකට වාර ගාස්තුවක් ගෙවිය යුතුය. ඒ පරිපාලනය සඳහා වන පිරිවැය, අධ්යන වාර ප්රවේශපත්රය සඳහාය. වාර අධ්යන වාර ප්රවේශපත්රය ඔබ පොදු ප්රවාහන සේවා වලා ගමන් කරන විට භාවිත කළ හැකිය. කෙසේ නමුත් පෞද්ගලික විශ්ව විද්යාල වල මීට වඩා වැඩි ගාස්තුවක් ගෙවිය යුතුය.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න