වාසය කිරීම

Mehrfamilienhaus © Goethe-Institut/ Simone Schirmer

ඔබ ජර්මනියේ මහල් නිවාසයක් සොයනවාද?? සමහර ප්රදේශවල මහල් නිවාසයක් සොයා ගැනීම පහසුය වන අතර සමහර ප්රදේශ වල මහල් නිවාස සොයා ගැනීම ඉතා දුෂ්කරය. නිවාස සෙවීම ඉතා ඉක්මනින් ආරම්භ කරන්න. ඔබට ගැලපෙන මහල් නිවාස දැන්වීමක් සොයා ගත වහාම එහි හිමිකරුව අමතන්න.

නිවාස සොයා ගැනීම

මහල් නිවාස/නවාතැන් සොයා ගැනීම සඳහා ඇතැම් වෙබ් අඩවි ඇත. උදාහරණයක් ලෙස: ඔබට හවුල් මහල් නිවාසයක කාමරයක් කුලියට ගැනීමටද හැකිය. හවුල් තට්ටු නිවාසයක, ඔබ වෙනත් පුද්ගලයින් සමඟ මහල් නිවාසයක් බෙදා ගනී. ඔබට හවුල් තට්ටු නිවාසවල කාමර සොයාගත හැකිය. උදාහරණයක් ලෙස, wg-gesucht.de. b වෙබ් අඩවියෙන් තාවකාලික කුලිය සඳහා ද මහල් නිවාස සොයා ගත හැකිය. මෙම මහල් නිවාස කුලියට ගත හැක්කේ සීමිත කාලයක් සඳහා පමණි.

සිකුරාදා හෝ සෙනසුරාදා බොහෝ පුවත්පත්වල දමහල් නිවාස දැන්වීම් පළ වේ. මහල් නිවාස දැන්වීම් පුවත්පතේ වෙබ් අඩවියෙන් ද සොයාගත හැකිය. ඔබේ නගරයේ හෝ මහ නගර සභාවේ නිවාස කාර්යාලයෙන් ද ඔබට මහල් නිවාසයක් ඉල්ලා සිටිය හැකිය. දේපල වෙළඳාම් නියෝජිතයෙකුට මහල් නිවාස සෙවීම සඳහා ඔබට උදව් කළ හැකිය: මෙම පුද්ගලයා ඔබ වෙනුවෙන් මහල් නිවාසයක් සොයා දෙන අතර ඔහුට ඒ සඳහා ගෙවීමක් සිදු කළ යුතු වේ. සාමාන්යයෙන් දේපළ වෙළඳාම් නියෝජිතයෙකුට මාස 2 - 3 ක කුලී මුදල කොමිස් මුදලක් ලෙස ලබා දීය යුතුය.

කුලී සහ තැන්පතු

වෙළඳ දැන්වීම් සාමාන්යයෙන් මාසික කුලී මුදල අඩංගු වේ. කෙසේ වෙතත්, මෙය බොහෝ විට මූලික කුලිය පමණි. ඔබ විසින් අනුබද්ධ වියදම් ගෙවිය යුතු වේ. නිදසුනක් වශයෙන්, ඔවුන් ජලය සඳහා මුදල් ගෙවන අතර, පඩිපෙළ සහ කසළ පිරිසිදු කරයි. තාපය (heat) සහ විදුලිය ද අනුබද්ධ වියදම් විය හැකිය. නමුත් මෙය වෙනස් වීමට ද හැකිය. අනුබද්ධ වියදම් යන්නට ඇතුළත් කර ඇති දේ සහ ඔබට විසින් අමතරව දැරිය යුතු වියදම් පිළිබඳව නිවාස හිමියාගෙන් විමසීම වැදගත්ය.

මූලික කුලිය සහ අනුබද්ධ වියදම් එකට එක් කළ විට එය සම්පුර්ණ කුලිය ලෙස හැඳින්වේ. ඔබ සෑම විටම මාසය ආරම්භයේදී ඔබේ ඉඩම් හිමියාට සම්පූර්ණ කුලිය ගෙවිය යුතුය.

සාමාන්යයෙන් මහල් නිවාස වල ගෘහ භාණ්ඩ නොමැත. නමුත් බොහෝ විට මුළුතැන්ගෙයක් ඇත. මහල් නිවාසයේ පෙර පදිංචි වී සිටී පුදගලයන්ගේ ගෘහ භාණ්ඩ තිබේ නම් ඔබ ඒ සඳහා ගෙවිය යුතුය. උදාහරණයක් ලෙස කලින් සිටී කුලී නිවැසියන්ගේ ශීතකරණයක් තිබේ නම් ඒ සඳහා ඔබ ගාස්තුවක් ගෙවිය යුතුය. එය මාරු කිරීමේ ගාස්තුව ලෙස හඳුන්වයි.

බොහෝ විට නිවාස හිමියාට මුදල් තැන්පතුවක් ලබා දීම අවශ්ය වේ. එය උපරිම වශයෙන් මාස තුනක මූලික කුලී මුදල විය හැකිය. ඔබ මහල් නිවාසයෙන් ඉවත්වයන විට ඔබට තැන්පතුව නැවත ලැබෙනු ඇත. ඔබේ මහල් නිවාසයේ කුලිය ඉතා වැඩිදැයි බැලීමට ඔබට අවශ්ය නම්, ඔබට කුලී දර්ශකය අධ්යනය කළ හැකිය. එහිදී ඔබට එක් එක් නගරය සඳහා සාමාන්ය කුලී මිල ගණන් සොයාගත හැකිය. මේ සඳහා අන්තර්ජාලයේ "කුලී දර්ශකය" සහ ඔබේ නගරයේ නම ඇතුළත් කර බලන්න.

වසර ආරම්භයේ දී, ඔබට කොපමණ ජලය, විදුලිය හෝ ගෑස් අවශ්ය වන්නේ දැයි ඔබ දන්නේ නැත. ඔබ සෑම මසකම අත්තිකාරම් ගෙවන්නේ මේ නිසාය. වසර අවසානයේදී ඔබ වැඩියෙන් මුදල් ලබා දී ඇත්නම් එම මුදල් ආපසු ලැබේ, නැතහොත් ඔබට ගෙවීමට සිදු වන්නේ ඉතා කුඩා මුදල් ප්රමාණයක් පමණි.

බදු දීම

කුලී මුදල් සහ තැන්පතු පිළිබඳ සියලු තොරතුරු ඔබේ කුලී නිවාස ගිවිසුමේ ඇත. ඔබ මහල් නිවාසයෙන් ඉවත්ව යන විට මහල් නිවාසය ප්රතිසංස්කරණය කළ යුතුද යන්න ද එහි සඳහන් වේ. ඔබ මහල් නිවාසයකට යන විට බොහෝ අවස්ථා වලදී නැවත භාරදීමේ ලේඛනයක් අත්සන් කිරීමට සිදු වේ. මහල් නිවාසයේ යමක් කැඩී ඇත්ද යන්න නැවත භාර දීමේ ලේඛනයේ අඩංගු වේ. එවිටකඩා දමා ඇත්තේ ඔබ විසින් නොවන බව එවිට කුලී හිමියාට නිසැකවම දැන ගත හැකිය. අත්සන් කිරීමට පෙර කුලී නිවාස ගිවිසුම සහ නැවත භාරදීමේ ලේඛනය ප්රවේශමෙන් කියවන්න.

ඔබට මහල් නිවාසයෙන් ඉවත්ව යා යුතු නම්, මාස තුනකට පෙර ඒ පිළිබඳව මහල් නිවාස හිමියා දැනුවත් කළ යුතුය. මෙය දැනුම් දීමේ කාල සීමාව ලෙස හැඳින්වේ. දැනුම් දීම කාල සීමාව පිළිබඳව දැනුවත් වන්න මන්ද අදාළ කාල සීමාවට අඩු කාලයක් තුළ ඔබ දැනුම් දීම සිදු කරන්නේ නම් ඔබට කුලිය දෙගුණයක් ගෙවීමට සිදු වනු ඇත. මාසය අවසානයේ දී කුලී නිවාඩ හිමිකරුට ලිපියක් මාර්ගයෙන් මේ බව දැනුම් දීය හැක.

නිවාස නීති

අසල්වාසීන් සමග සාමයෙන් සිටීමට ඔබට අවශ්ය ද? මේ සම්බන්ධව නීති කිහිපයක් ඇත. සාමාන්යයෙන් රාත්රී 10 සිට උදෑසන 7 දක්වා නිශ්ශබ්ද කාලයක් සහ සවස 1 සිට සවස 3 දක්වා නිශ්ශබ්ද කාලයක් ඇත. එම නිසා එම කාල සීමාව තුළ ශබ්ද නැගීමෙන් වලකින්න. ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල, මුළු දවස පුරාම විවේක කාලයක් ඇති බැවින් ශබ්ද නැගීමෙන් වළකින්න.

ජර්මනියේ, කඩදාසි සහ කාඩ්බෝඩ් සඳහා, පලතුරු සහ එළවළු කැබලි සඳහා සහ වෙනත් කසළ සඳහා විවිධ කසළ බඳුන් ඇත. බොහෝ විට නිවස ඉදිරිපිට කසළ බඳුන් ඇත. මෙම බඳුන් වලට ඔබට කුණු බැහැර කළ හැකිය. වීදුරු හෝ විදුලි උපකරණ විශේෂ එකතු කිරීමේ ස්ථාන හෝ බහාලුම් වෙත ගෙන යා යුතුය. ප්ලාස්ටික්, කෑන් සහ ඇසුරුම් කහ පැහැති බෑග් වලට හෝ කහ පැහැති බඳුන් වලට බැහැර කළ යුතුය. සාමාන්යයෙන් ප්ලාස්ටික් සහ ඇසුරුම් අපද්රව්ය අසල ඇති ප්රතිචක්රීකරණ බඳුනකට ගෙන යා යුතුය. මේ පිළිබඳව ඔබේ නගරයෙන් හෝ මහ නගර සභාවෙන් වැඩි විස්තර දැන ගත හැකිය.

අනෙක් සියලුම නීති ඔබේ නිවසට අදාළ නීති මාලාවෙන් දැනගත හැකිය. උදාහරණයක් ලෙස: මහල් නිවාසයේ බල්ලෙකු හෝ බළලෙකු ඇති කිරීමට ඔබට අවසර තිබේද? නැතහොත් ඔබ නිවස ඉදිරිපිට සාලය හෝ පදික වේදිකාව පිරිසිදු කළ යුතුද?

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න