විවාහය

Hände mit Ringen © Goethe-Institut

බොහෝ රටවල, මිනිසුන් විවාහ රෙජිස්ටර් කාර්යාලයේදී විවාහ වේ. මෙය වලංගු විවාහයකි. ජර්මනියේද එය එසේමය. මෙම විවාහය පමණක් වලංගු විවාහයක් ලෙස පිළිගනී. ඊට පසු, ඔබට පල්ලියේදී ද විවාහ විය හැකිය. විවාහය සඳහා, දෙදෙනාම අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය.

Audio-Player: Artikel anhören

Artikel anhören

Heirat

සාමාන්‍ය විවාහය

ජර්මනියේ, බොහෝ යුවළ විවාහ නොවී එකට ජීවත් වේ. ඇතැම්විට ඔවුන්ට දරුවන් ද සිටී. එය තීරණය කිරීමට සෑම දෙනාටම නිදහස ඇත.

වර්ෂ 2017 ඔක්තෝබර් මස 01 වන සිට ජර්මනියේ සමලිංගික විවාහද නීත්යානුකුල කර ඇත. එනම්, පිරිමි අයෙකුට තවත් පිරිමි අයෙකු සමග හෝ ගැහැණු අයෙක්ට තවත් ගැහැණු අයෙක් සමග විවාහ විය හැකිය. සමලිංගික යුවළ සඳහා ද සමාන අයිතිවාසිකම් හා බැඳීම් හිමි වේ. එනම් ඔවුන්ට දරුවන් දරුකමට හදා ගැනීමට අවසර ඇත. ඔවුන්ට තම සහකරුගේ වාසගම න්හාවිත කළ හැකිය.

ජර්මනියේ දී විවාහ වීමට අවශ්‍ය ලියකියවිලි

ඔබ ජර්මනියේ විවාහ වීමට කැමතිද? ඔබ පදිංචි ප්රදේශයේ ඇති විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දී විවාහය ලියාපදිංචි කළ හැකිය. මේ සඳහා ඔබට ලියකියවිලි කිහිපයක් අවශ්ය වනු ඇත. ඔබේ හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්රය, ඔබේ උප්පැන්න සහතිකය, ඔබේ ලියාපදිංචි සහතිකය සහ විවාහයට බාධාවක් නොමැති බවට සහතිකයක් අවශ්ය වේ. ඔබට දරුවන් සිටී නම් ඔවුන්ගේ ලියකියවිලි ද අවශ්ය වේ. ඔබට තවත් ලියකියවිලි අවශ්ය නම් විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ඒ බව දන්වනු ඇත.

ඔබේ මව් රටේ ලේඛන ජර්මානු භාෂාවට පරිවර්තනය කර තිබිය යුතුය. පරිවර්තන නිවැරදි බවට නොතාරිස්වරයෙකු විසින් අත්සන් කළ යුතුය. ඔහු හෝ ඇය පරිවර්තන සහතික කළ යුතුය.

විවාහ වූ පසු, ඔබට විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් නව ලියවිල්ලක් ලැබෙනු ඇත. එය ඔබේ විවාහ සහතිකයයි. . ඔබට අවශ්ය නම්, ඔබට ඔබේ පවුල පිළිබඳ තොරතුරු සහිත පවුල් වාර්තා පොතක් ලබා ගත ද එහිදී ලබා ගත හැකිය.

ඔබ දැනටමත් ඔබේ මව් රටේ විවාහ වී තිබේද? එසේ නම් ඔබට විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් වලංගු විදේශීය විවාහ සහතිකය ලබා ගත හැකිය. මේ පිළිබඳව ඔබේ නගරයේ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් විමසන්න.

මංගල සාදය/ මංගල උත්සවය

බොහෝ අය තම විවාහ මංගල්ය සැමරීමට විශාල උත්සවයක් සංවිධානය කරයි. මනාලයා සහ මනාලිය බොහෝ අමුත්තන්ට ආරාධනා කරති. දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ආච්චිලා සීයලා, නැන්දලා, මාමලා, ඥාති සොහොයුරන් වගේම යහළුවන්ද මීට සහභාගී වෙති. සාමාන්යයෙන් ජර්මනියේ විවාහ උත්සවයකට අමුත්තන් 100ක් විතර පැමිණෙති. එම නිසා එය අනෙකුත් රටවල විවාහ මංගල්ය උත්සව තරම් විශාල නොවේ.

විවාහ මංගල උත්සවයේ කෑම, සංගීතය, නැටුම් තිබේ. මනාලයා සහ මනාලයා එක්ව නර්තනයක් ඉදිරිපත් කරයි. . ඔවුන් දෙදෙනා එක්ව කේක් කැපීම සිදු කරයි.එමෙන්ම ඇතැම් විට මනාලයා සහ මනාලයා සඳහා ක්රීඩා ද ඇත. මනමාලිය සුදු පැහැති මංගල ඇඳුමේ සැරසෙන අතර මනමාලයා සහ මනමාලිය මංගල මුදු හුවමාරු කර ගනියි. මංගල සාදයට පැමිණෙන අමුත්තන් තෑගි ගෙන එන අතර බොහෝ විට තෑගි ලෙස මුදල් ලබා දීම සිදු කරයි. කෙසේ වෙතත් මංගල යුවලට අවශ්ය කුමන ආකාරයේ තෑගි ද යන්න ඔවුන්ගෙන් කලින් විමසීමට කිසිවෙකුටත් අවසර නැත.

පවුල් නැවත එක්වීම

ඔබේ සැමියා හෝ බිරිඳ තවමත් සිටින්නේ ඔබේ මව් රටේ ද? එසේ නම් ඔබට ඔබේ පවුල ජර්මනියට ගෙන ඒමට හැකිය. මේ සඳහා ඔබට නේවාසික බලපත්රයක් අවශ්ය වේ. ඔබට මෙසේ ගෙන්වා ගත හැකි වන්නේ ඔබේ කලත්රයා සහ වයස අවුරුදු 18ත අඩු දරුවන් පමණි. මෙය පවුල් නැවත එක්වීම හෝ කලත්රයා නැවත එක්වීම ලෙස හැඳින්වේ. සමහර ජාත්යන්තර නිපුණතා සහිත ශ්රමිකයන්ට ඔවුන්ගේ දෙමව්පියන් සහ කලත්රයාගේ දෙමව්පියන් ජර්මනියට ගෙන ඒමට ද අවසර හිමිවේ. කෙසේ වෙතත් ඔබට මෙය සිදු කළ හැකි වන්නේ ඔබේ රැකියා බලපත්රය 2024 මාර්තු 1 න් පසු ඔබට හිමි වුවා නම් පමණි.

ඒ සඳහා යම් යම් නීති රීති තිබේ. ඔබේ පවුල ජර්මනියට කැඳවා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුය. එනම් ඔබේ පවුලට ඔබේ මහල් නිවාසයේ ඉඩක් තිබිය යුතුය. ඔබට සෞඛ්ය රක්ෂණයක් තිබීම අවශ්ය වේ. . ඔබේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට ජර්මානු භාෂාව පිළිබඳ මූලික දැනුමක් තිබීම අත්යාවශ්ය වේ. එමෙන්ම ඔහුට හෝ ඇයට භාෂා සහතිකයක් තිබිය යුතුය. මෙම ලේඛනයේ සඳහන් වන්නේ ඔහුට හෝ ඇයට අවම වශයෙන් A1 භාෂා මට්ටම තිබිය යුතු බවයි. කෙසේ නමුත් වයස අවුරුදු 16 ට අඩු දරුවන් ජර්මානු භාෂා පරීක්ෂණයකට මුහුණ දීම අවශ්ය නොවේ.

වෙන්වීම සහ දික්කසාදය

ඔබේ විවාහය දැන් එතරම් සාර්ථක නැද්ද? නිතර රණ්ඩු වෙනවාද? පළමුව විවාහ උපදේශනය හෝ චිකිත්සාව සඳහා යොමු වන්න.ඔබේ ගැටළු විසඳා ගැනීමට එය උදව්වක් වෙන්න පුළුවන්.

කෙසේ නමුත් වෙන්වීමට හෝ දික්කසාද වීමට හේතු තිබිය හැකිය.දික්කසාදවීම එතරම් පහසු නැත. පළමුව ඔවුන් වසරක් වෙනම ජීවත් විය යුතුය. උපදේශන මධ්යස්ථාන ඔබගේ දරුවන් සම්බන්ධ නෛතික ගැටළු වලටඋපදෙස් ලබා දෙනු ඇත. උදාහරණයක් ලෙස දරුවන් ජීවත් විය යුත්තේ කා සමඟද යන්න හෝ දරුවන් වෙනුවෙන් කොපමණ මුදලක් නඩත්තු ලෙස ගෙවිය යුතුද යන්න පිළිබඳ ඔබට උපදෙස් ලැබෙනු ඇත.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න