වැඩ කරන වේලාවන් ඔබේ වෘත්තිය සහ ඔබේ රැකියා ගිවිසුම මත රඳා පවතී ("
රැකියාව ආරම්භ කිරීම" කොටස බලන්න). නිදසුනක් වශයෙන්, රෝහලක හෙදියක් ලෙස, ඔබට වැඩ මුරයක් ඇත: ඔබ සමහර විට උදේ, සමහර විට සවස් වරුවේ හෝ රාත්රියේ වැඩ කළ යුතුය.
කාර්යාල වල නිශ්චිත වැඩ කිරීමේ වේලාවල් ඇත. බොහෝ විට උදෑසන ආරම්භ වන අතර පැය 8 ක් හෝ 9 කට පසු අවසන් වේ. කාර්යාලයේදී, ඔබට බොහෝ විට නම්යශීලී කාලය රාමු ද ඇත, එයින් අදහස් කරන්නේ ඔබ වැඩ කළ යුතු වේලාවල් නම්යශීලි බවයි. නිදසුනක් වශයෙන්, ඔබට උදේ 8 ට හෝ 9 ට වැඩ ආරම්භ කර අදාළ පැය ගණන සම්පුර්ණ කර ඒ කලින් පිටව යා හැකි බවයි. ඔබට සෑම රැකියාවකම අවම වශයෙන් එක් විවේකයක් ඇත, එය බොහෝ විට මිනිත්තු 30 ක් හෝ විනාඩි 60 ක දිවා ආහාර විවේකයක් වේ. බොහෝවිට සේවා යෝජකයින් නිවසේ සිට වැඩ කිරීමේ විකල්පය ලබා දෙයි. සාමාන්යයෙන් ඔබ සතියකට පැය 38-40 ක් වැඩ කළ යුතුවේ. ඔබට අර්ධකාලීන රැකියාවක් කිරීමේ හැකියාව ද ඇත, උදාහරණයක් ලෙස ඔබ වැඩ කළ යුතු කාලය 50% කි. එනම් සතියකට පැය 20 ක් පමණ වේ. ඔබට දරුවන් සිටී නම් හෝ ස්වයං රැකියාවක් කරන්නේ නම්, අර්ධකාලීන රැකියාවක් කිරීමට හැකිය. ජර්මනියේ, අවම වැටුපක් ඇත: සේවා යෝජකයින්ට පැයකට යුරෝ 12.41 ට වඩා අඩුවෙන් සේවකයින්ට ගෙවීමට අවසර නැත. (2024 වන විට).
සෑම සේවකයෙකුටම වසරකට යම් නිවාඩු දින ගණනක් හිමිවේ. ඔබ ඔබගේ ප්රධානියා ගෙන් ඔබ නිවාඩු ඉල්ලා සිටිය යුතු අතර ඔහු විසින් එය අනුමත කළ යුතුය. ඔබට අවුරුද්දේ ඕනෑම දිනයක දී නිවාඩු ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම ඔබට අවශ්ය ඕනෑම දිනයක් දී ඔබට නිවාඩු ඉල්ලා සිටිය හැකි නමුත් ඔබට වැඩ රැසක් තිබේ නම් එවන් විටක ඔබේ ප්රධානියා නිවාඩු අනුමත නොකරනු ඇත. ඇතැම් අවස්ථා වලදී ඔබගේ කර්ර්යලයේ සියළු දෙනා නිවාඩු ගෙන ඇත්නම් එවන් විටක ඔබට ද නිවාඩු ගැනීමට සිදු වනු ඇත. ඔබේ නිවාඩු දින සඳහා ද ඔබේ වැටුප / වැටුප් හිමිවේ.
ඔබ අසනීප නම්, ඔබ වහාම ඔබේ සේවායෝජකයා දැනුවත් කළ යුතුය. මෙය අසනීප නිවාඩු ලෙස හැඳින්වේ. බොහෝ සේවා යෝජකයින්ට වෛද්ය සහතිකයක් අවශ්ය වන්නේ අසනීපය හේතුවෙන් ඔබ දින 03කට වඩා නිවාඩු ගන්නේ නම් පමනිකි. (4 වන දින සිට) ("සෞඛ්ය" කොටස බලන්න). සමහර සේවායෝජකයින්ට කලින් වෛද්ය සහතිකයක් අවශ්ය වේ. ඔබට වෛද්යවරයාගේ කාර්යාලයට යාමට හෝ ඇමතීමට හැකිය: බොහෝ අවස්ථාවන්හීදී, ඔබට දුරකථනයෙන් ඔබේ වෛද්යවරයාගෙන් දුරකථනයෙන් වෛද්ය වාර්තාවක් ඉල්ලා සිටිය හැකිය. එවිට ඔබ වෛද්යවරයා ඔබේ වෛද්ය සහතිකය රක්ෂණ සමාගමට යවනු ලබන අතර රක්ෂණ සමාගමෙන් එය ඔබේ සේවා යෝජකයාට ලබා දෙනු ඇත.