රැකියා

Eine Frau sitzt am Schreibtisch © Goethe-Institut/ Gina Bolle

ඔබ ජර්මනියේ ස්ථිර රැකියාවක් සොයාගෙන තිබේද? එසේ නම් ඔබ සේවකයෙක්.

Audio-Player: Artikel anhören

Artikel anhören

Arbeitsaufnahme

වැඩ ආරම්භයේ දී වැදගත් ලියකියවිලි

ඔබේ සේවායෝජකයා ඔබෙන් ලියකියවිලි කිහිපයක් ඉල්ලා සිටිනු ඇත. පළමුව, ඔබට සෞඛ්ය රක්ෂණයක් ඇති බවට සාක්ෂි අවශ්ය වේ. ඔබට ඔබේ සෞඛ්ය රක්ෂණ සමාගමෙන් මේ සම්බන්ධව ලේඛන ලබා ගත හැකිය. ජර්මනියේ, සෑම කෙනෙකුටම සෞඛ්ය රක්ෂණයක් තිබිය යුතුය. එමෙන්ම ඔබට බැංකු ගිණුමක් ඇති බවට සාක්ෂි ද අවශ්ය වනු ඇත. සේවායෝජකයා ඔබේ ගිණුමට මාසික වැටුප බැර කරයි. සේවා යෝජකයාට ඔබේ රැකියා බලපත්රය සමඟ ඔබේ පදිංචි බලපත්රයේ පිටපතක් ද අවශ්ය වේ. (රැකියා සෙවීම කොටස බලන්න). සේවායෝජකයා පොලිස් සහතිකයක් ඉල්ලා සිටින්නේ කලාතුරකිනි. ඔබට මෙය පදිංචිකරුවන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබා ගත හැකිය.

රක්ෂණ, බදු

ජර්මනියේ, සෑම කෙනෙකුටම සෞඛ්ය රක්ෂණයක් තිබිය යුතුය. ඔබේ රැකියාවේ පළමු දිනට පෙර ඔබම මේවා ලබා ගෙන තිබිය යුතුය. සේවකයෙකු ලෙස, ඔබ සාමාන්යයෙන් සමාජ ආරක්ෂණයට දායක වේ. එයින් අදහස් කරන්නේ ඔබට ස්වයංක්රීයවම විශ්රාම වැටුප් රක්ෂණය, විරැකියා රක්ෂණය, දිගුකාලීන සත්කාර රක්ෂණය සහ හදිසි අනතුරු රක්ෂණය හිමි වන බවයි. සේවායෝජකයා ඔබේ රක්ෂණයෙන් කොටසක් ගෙවයි. ඔබ විසින් අනෙක් කොටස ගෙවිය යුතුය. මෙය සෑම මසකම ඔබගේ වැටුපෙන් කපා ගනියි. වැඩි විස්තර "රක්ෂණය" යන කොටසෙන් සොයාගත හැකිය.

ඔබට බදු අංකයක් සහ ඉලෙක්ට්රොනික ආදායම් බදු කාඩ්පතක් (ELStAM) ද අවශ්ය වනු ඇත. මේ දෙකම බදු කාර්යාලයෙන් ලබා ගත හැකිය. ඉලෙක්ට්රොනික ආදායම් බදු කාඩ්පත බදු කාර්යාලයේ සිට සේවා යෝජකයාට සෘජුවම ලබා දෙයි. ඔබ විසින් බදු මාරු කළ යුතු නැත. ඔබේ සේවායෝජකයා ඔබේ වැටුපෙන් බදු මුදල අඩු කර එය ගෙවනු ලබයි. ඔබට ආදායම් බදු වාර්තාවක් ගොනු කළ හැකිය (සහ සමහර අවස්ථාවලදී කළ යුතුය). එසේ කිරීමෙන් ඔබට බොහෝ විට සුළු මුදලක් ආපසු ලැබෙයි. වැඩි විස්තර "මුල්ය හා බදු" යන පාඨයෙන් සොයාගත හැකිය.

රැකියා ගිවිසුම

සියළු සේවකයින් රැකියා ගිවිසුමකට එළඹෙන අතර සේවකයා සහ සේවායෝජකයා ගිවිසුම අත්සන් කරයි. රැකියා ගිවිසුම ප්රවේශමෙන් කියවීමෙන් අනතුරව පමණක් පමණක් අත්සන් කරන්න.

ඔබට කුමක් හෝ ගැටළුවක් ඇත්නම් වැඩිහිටි සංක්රමණිකයන් සඳහා සංක්රමණ උපදේශන සේවයෙන් (MBE) මේ පිළිබඳව විමසිය හැකිය. වයස අවුරුදු 27 දක්වා නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන්ට තරුණ සංක්රමණ සේවය (JMD) වෙතින් තොරතුරු ලබා ගත හැකිය. ඔබට ෆෙඩරල් කම්කරු හා සමාජ කටයුතු අමාත්යංශයේ පුරවැසි ක්ෂණික ඇමතුම් අංකය (+49 30 221 911 004) අමතා "කම්කරු නීතිය" පිළිබඳ ප්රශ්න ඇසිය හැකිය.

සියලු නීති රැකියා ගිවිසුමේ ඇත. ඔබ මෙන්ම ඔබේ සේවායෝජකයා මෙම නීති පිළිපැදිය යුතුය. නිදසුනක් වශයෙන්, ඔබේ රැකියා ගිවිසුමේ මෙම තොරතුරු ඇතුළත් විය හැකිය.: ඔබ මසකට කොපමණ මුදලක් උපයනවාද? ඔබට නිවාඩු දින කීයක් තිබේද? ඔබ අසනීප වුවහොත් ඔබ කුමක් කළ යුතුද? ඔබ නව රැකියාවක් ආරම්භ කරන විට, ඔබට සාමාන්යයෙන් පරිවාස කාලයක් ඇත. පරිවාස කාලය වෙනස් වේ. සමහර විට එය සති කිහිපයක් පමණි, සමහර විට එය වසර භාගයකි. පරිවාස කාලය තුළ, සේවායෝජකයා ඔබව වඩාත් සමීපව නිරීක්ෂණය කරනු ඇත. පරිවාස කාලයෙන් පසුව ඔබේ සේවය ස්ථිර කර ඔබ තවදුරටත් සමාගමේ තබා ගන්නවාද නැද්ද යන වග ඔබී සේවායෝජකයා විසින් තීරණය කරනු ඇත. පරිවාස කාලය තුළ, දැනුම්දීමේ කාලය කෙටි වේ (සාමාන්යයෙන් සති 2 සිට 3 දක්වා), ඔබේ රැකියාව ස්ථිර වූ විට දැන්වීම් කාලය සාමාන්යයෙන් මාස 3 කි. ස්ථාවර කාලීන සහ ස්ථිර ගිවිසුම් තිබේ. ස්ථාවර කාලීන කොන්ත්රාත්තුව යම් කාල සීමාවකට පසු ස්වයංක්රියව අවසන් වේ. සේවා යෝජකයා සේවය අවසන් කිරීම පිළිබඳ දැන්වීමක් ලබා දීය යුතු නැත. වැඩ කරන වේලාවන්, නිවාඩු දින පිළිබඳ වැඩිදුර තොරතුරු; අසනීප හා සේවයෙන් ඉවත් කිරීම "මගේ සේවා ස්ථානය" යන කොටසෙන් ලබා ගත හැකිය.

කුඩා රැකියා

ජර්මනියේ කුඩා රැකියා ද ඇත. කුඩා රැකියාවක් යනු ඔබ මසකට € 538 දක්වා පමණක් උපයන හෝ වසරක උපරිම දින 70 ක් පමණක් කළ හැකි රැකියාවකි.මේ සඳහා හදිසි අනතුරු රක්ෂණයක් තිබේ. කෙසේ වෙතත්, එය ව්යවස්ථාපිත සෞඛ්ය රක්ෂණයෙන් හා දිගුකාලීන සත්කාර රක්ෂණයෙන් ආවරණය නොවේ. එම නිසා ඔබ සෞඛ්ය රක්ෂණය ගැන ලකිලිමත් විය යුතුයි. විශ්රාම වැටුප් රක්ෂණයට ගෙවිය යුතුද නැතහොත් ඔබට එයින් නිදහස් වීමට අවශ්ය ද යන්න ඔබට තීරණය කළ හැකිය. එමෙන්ම කුඩා රැකියා සඳහා ඔබට විරැකියා රක්ෂණයක් ද හිමි නොවේ.

ස්වයං රැකියා

ඔබ ස්වයං රැකියාවක් කරනවාද?, ඒ නිසා ඔබ සේවකයෙක් නොවේද? ඔබට ඔබේම සමාගමක් ආරම්භ කිරීමට අවශ්ය නම්, ඔබට වෙළඳ බලපත්රයක් අවශ්ය වේ. ඔබට එය වෙළඳ කාර්යාලයෙන් ලබා ගත හැකිය. ඔබේ නගරයේ හෝ නගරයේ වෙළඳ කාර්යාලය ඇත්තේ කොහේදැයි ඔබට නගර ශාලාවෙන් විමසා දන ගත හැකිය.නිදසුනක් වශයෙන්, ඔබට සාප්පුවක් හෝ අවන්හලක් විවෘත කිරීමට අවශ්ය නම්, ඔබට වෙළඳ බලපත්රයක් ලබා ගත යුතුය.

ඔබ වැඩ කරන්නේ නිදහස් සේවකයෙක් විදිහටද? එසේ නම් ඔබේ ක්රියාකාරකම් බදු කාර්යාලයේ ලියාපදිංචි කරන්න. ඒ වගේම බදු කාර්යාලයෙන් බදු අංකයක් ලබාගත යුතුයි.ඔබ වසරකට කෙතරම් ලාභයක් ලබන්නේ දැයි බදු කාර්යාලයට දැන ගැනීමට අවශ්ය වේ. ඒ අනුව ඔබ වසරකට ගෙවිය යුතු බදු මුදල තීරණය කරන ලබයි.

ඒ වගේම ඔවුන්ට සෞඛ්ය රක්ෂණයක් අවශ්ය වේ. කෙසේ වෙතත්, සෞඛ්ය රක්ෂණය සඳහා ඔබ විසින්ම මුදල් ගෙවිය යුතුය. ඔබට විශ්රාම වැටුප් රක්ෂණයක් තිබේ නම් එය ද හොඳය. සමහර වෘත්තීන්වලදී, උදාහරණයක් ලෙස වෙළඳාම්වලදී හෝ පවුල් සෞඛ්ය සේවිකාවක් ලෙස, ඔබට විශ්රාම වැටුප් රක්ෂණයක් තිබිය යුතුය. වෙනත් රක්ෂණද වැදගත් විය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර තොරතුරු ද්වාරයේ “We are founding in Germany” තුලින් ලබා ගත හැකිය. ආරම්භක විෂය පිළිබඳ බොහෝ ඉඟි "අපි ජර්මනියේ ආරම්භ කරනවා" යන ද්වාරයෙන් සොයාගත හැකිය.

නිතර අසනු ලබන ප්‍රශ්න

අපව අනුගමනය කරන්න